එහෙම වුණ එකේ 10වන ⁣කොටස

332 61 3
                                    


ශාන් අඬ අඬා ඉඳලා යීබෝ ඇහැරෙයි කියලා ⁣ඩොක්ටර් කියපු වෙලාවට පැයක් විතර තියලා ටවුමට ගියා.

❤️පපා........මං ඔයා එක්ක එනවා............ මට එක දෙයක් පොරොන්දු වෙනවද?

🤵මොකද්ද? අර ගර්ල්ව මැරි කරන්න බෑ කියලද? ඒක නං කරන්න බෑ සන්. ඒක ඇර ඕන දෙයක්.........

❤️නෑ පපා........ ඒක නෙවෙයි.

🤵එහෙනං ඕකේ සන්. මං ඕනම දෙයක් පොරොන්දු වෙනවා.

❤️පපා........මං.......මං කාර්ඩ් එක........යූස් කළේ ...............මොකටද කියලා හොයන්න එපා පපා......... ප්ලීස්.......... !!!

ශාන් කඳුළු පෙරන ගමන් කතා කළා.

🤵ඇයි ඒ.......? හරි.......මං පොරොන්දු වුණානෙ. ඔයා මා එක්ක එනව නං මට කිසි දෙයක් ඕන්නෑ බබා........... ඔන්න පපා පොරොන්දුව රකිනවා. එහෙනං අපි යමු නේද? ලෙලේ වාහනේ ගන්න.

ශාන් ආපහු හොස්පිට්ල් එක තිබ්බ පැත්ත හැරිලවත් බලන්නැතුව වාහනේට නැග්ගා. පපා ගැන්න දන්න නිසා ම...

🏥🏥🏥🏥🏥🏥🏥🏥🏥🏥

යීබෝට ඇහැරෙනකොට හිටියෙ රෝහලක. පළවෙනි පාරෙන්ම යීබෝට තේරුණා මේක ලක්සරි හොස්පිට්ල් එකක් කියලා. යීබෝට එක ම එක දෙයයි කල්පනාවට ආවෙ.

💚කිච්චා...... කිච්චෝ...........!!! ඇයි එහෙම කළේ.........? මෝඩයා.......ඇයි කියනවා.........? යන්න ඕන කිවුවනං එක්ක යනවනෙ මං............ ඇයි නොකිය ම ගියේ?

ශාන් යීබෝව හොස්පිට්ල් ගෙනියන්න ගත්ත කැබ් එකටයි හොස්පිට්ල් බිලටයි පේ කළේ එයාගෙ ප්ලැටිනම් කාර්ඩ් එකෙන්. ඔව්........ එයා දැනගෙන හිටියා එයා හොයාගෙන පපා එනවා කියලා. ඒත් එයා ගාව වෙන සල්ලි තිබුන් නෑ. කාමර කුලිය ගත්ත නං යීබෝට ඒක හොයන්නත් ආයෙත් මහන්සි වෙන්න වෙනවා කියලා එයා දන්නවා. ඉතිං එයා කාර්ඩ් එකෙන් ගෙවුවා. දවල් වෙද්දි ටවුමට වෙලා හිටියෙ හොස්පිට්ල් එකේ හිටියොත් යීබෝව අහුවෙයි කියලා බයේ.

යීබෝ හොස්පිට්ල් එකේ ඉඳං කල්පනා කළේ ඒක. ශාන් මේකට කාර්ඩ් එක පාවිච්චි කරන්න ඇති කියලා එයා හිතුවා. ඉතිං ඒකෙන් ශාන්ගෙ පපා එයාව හොයාගෙන අරං යන්න ඇති කියලා හිතුවා. ශාන් ඒ විදිහට අහු වුණ එකට යීබෝට දුකයි, කේන්තියි. තේරුම් ගන්න බැරි තනි කමකින් යීබෝ පීඩා වින්දා. දන්නෙම නැතුව ඇස්වලට කඳුළු ආවා. නැගිට ගන්නත් බැරුව ඇඳේ වැතිරිලා ඔහේ හිටියා.

සති එක හමාරකින් යීබෝගෙ ප්‍රතිකාර ඉවර වෙලා එයාට ගෙදර යන්න පුළුවන් වුණා. ශාන්ගෙ සල්ලිවලින් බෙහෙත් ගන්න ඕන්නෑ කියලා යීබෝ කොච්චර දමල ගහල යන්න හැදුවත් රෝහලෙන් එයාව බලෙන් නවත්තගෙන ප්‍රතිකාර අවසන් කරලා යීබෝගෙ කොන්දෙ අමාරුව හොඳට ම හොඳ කරල තමයි යැවුවෙ. ඒ ඔක්කොම වියදම් ශාන්ගෙ කාර්ඩ් එකෙන් පේ කරලා තිබ්බා.

යීබෝ රූම් එකට ආවත් එයාට කිච්ච ව මතක් වුණා. කොහොමටවත් ම යීබෝට ඒ ඇඳේ නින්ද ගියෙ නෑ. යීබෝ හිතුවා කාමරේ මාරු කරන්න. ඔව්........ එයාට දැං තනියම ඉන්න බෑ තමයි. එදා බස් එකේදි පුරුදුකාරයො දෙන්නෙක් වගේ තුරුල් වෙලා නිදා ගත්තට පස්සෙ යීබෝ අසනීප වෙනකං දෙන්න තනියම නිදා ගත්තෙ ම නෑ.

එතකොට අනිත් කෙනාට............

📝මතු සම්බන්ධයි📝
📝Sasee Zhan📝

ඒක එහෙම වුණා. (Completed)Where stories live. Discover now