එහෙම වුණ එකේ 12වන ⁣කොටස

327 58 3
                                    

🌄

ඊළඟ දවසෙ හවස ලෙලේත් එක්ක වාහනේ යවලා ශාන් නැවතුණා. බලාගෙන හිටියා කවුද කියලා. හිතුවා හරි.

ඒ එයාගෙ බච්චා......

කාර් එක ගියා විතරයි යීබෝ හැරුණා යන්න. ශාන් හිතන්නෙවත් නැතුව ඒ දිහාට දුවගෙන ගියා. පාරෙ අනිත් පැත්තෙන් එන වාහන එයා දැක්කෙ නෑ. ඒත් එයා පිස්සෙක් වගෙ පාර හරහා දුවගෙන එනවා යීබෝ දැක්කා.

වාහනේකට නූලක් විතර තියෙද්දි යීබෝ ශාන්ව අතින් ඇදලා ගත්තා.

💚මොන සිහියෙන්ද තමුසෙ පාර පනින්නෙ?

යීබෝට මල පැන්නා. මේ ශියාවෝ හෝල්ඩින්ග් එකේ CEO නෙවෙයි. එයාගෙ කිච්චා. ඒකයි එහෙම කතා කළේ.

❤️ඔයාව බලන්නනෙ...

ශාන් කඳුළුත් එක්ක හිනා වෙවීම කිවුවා. යීබෝ බැන්න ඒවා ගාණක් නෑ.

❤️බච්චි බෝලෙ....... මං පාළුවෙන් හිටියෙ.

💚තමුසෙගෙ බොරු....... ඇයි එහෙම කළේ කියනවා....?

❤️බච්චො........ ඔයා අසනීප වුණානෙ.

💚රෙද්ද......... මැරෙන්න වැටුන්නෑනෙ.......

යීබෝ කෑ ගැහුවා.

❤️බච්චි බෝලේ........ අපි ගෙදර යමු. පාරෙනෙ.......

💚ඇයි..............???

❤️බච්චො........

💚.................

❤️බච්චියෝ........සොරි....... මං කරන්න වෙන දෙයක් දැනගෙන හිටියෙ නෑ.

💚හ්ම්...........

❤️තරහ නෑද? ආ..........???

💚හරි හරි.......මට තමුසෙව මතක් වුණා........ ඒකයි ආවෙ.

❤️ඔයා දැං මෙහෙද ඉන්නෙ?

දෙන්නගෙ කතා බහ පැය භාගෙකටත් වැඩි. පාර අයිනෙ හිටගෙන. මගට ගිය ලෙලේ ශාන්ගෙන් කෝල් එකන් නැති නිසා ආපහු හරවගෙන ආවා. ඒ එනකොට මෙන්න චූටි සර් අර මිනිහත් එක්ක මුකුළු පපා කතාව... පිළිමයක් වගේ ජීවත් වෙන මනුස්සයගෙ මෙච්චර කැටයන් කොහෙන්ද කියලා කල්පනා කරන ගමන් ලෙලේ ශාන් ළඟින් වාහනේ නතර කළා.

❤️ආ ලෙලේ ආපහු ඇවිත්........ බච්චියෝ ............ අපේ ගෙදර යමුද.......???

💚මට ඕවයෙ ඉන්න බෑ කිච්චො......... තමුසෙ දන්නවනෙ මගෙ විදිහ.

❤️අද පපා නෑ. බිස්නස් ටුවර් එකක් ගිහිං. ටූ වීක්ස්. ඔයාට ඕන විදියට ඉන්න පුළුවන්.

දෙන්නා ලෙලේත් එක්ක ගෙදර ආවා. ශාන් අද හිනාවෙනවා. ඉවරයක් නැති කතාවයි, මේ හිනාවයි, අතින් පයින් දාන ඇක්ෂන් ටිකයි ලෙලේට පුදුමයි.මේ අවුරුදු විසි හතරට ම ලෙලේ එහෙම ශාන් කෙනෙක් දැකලා තිබුණේ නෑ.

❤️අංකල්...... මගේ බච්චියා ආවා කියලා පපාට කියන්නැතුව ඉමු....... හාද...........?

🧔චූටි සර්ගෙ හිනාවට හේතුව ඒක නං මං ඒ රහස ඒ විදියට ම රකිනවා සර්........

දෙන්නා රූම් එකට ගිහිං නෑවා. යීබෝට ශාන් ඇඳුම් දුන්නා. ඒවා සුවඳයි. කාලා බීලා දෙන්නම නිදා ගන්න ආවා. මෙච්චර කාමර තියන ගෙදර ශාන් යීබෝට කාමරයක් දුන්නෙත් නෑ, යීබෝ ඉල්ලුවෙත් නෑ. ශාන් සතුටින් ඇඳට පැන්නා. යීබෝ් පැත්තක හාන්සි වෙලා. නින්ද යන්නත් කලිං ශාන් යීබෝගෙ පපුවට ආවා.

❤️අයි මිස් යූ බච්චි බෝලෙ......

💚මට තමුසෙ නැතුව නින්ද ගියෙ නෑ කිච්චො.... මේ මාස ගානට ම හරියට නින්දක් නෑ........

❤️මටත්

ශාන්ට ඇඬුනා.

💚කිච්චෝ.........තමුසෙ අඬනවද? අඬනව නං මං යනවා.

❤️නෑ......අඬන්නෑ ............

📝මතු සම්බන්ධයි📝
📝Sasee Zhan📝

ඒක එහෙම වුණා. (Completed)Where stories live. Discover now