එහෙම වුණ එකේ 17වන ⁣කොටස

319 57 4
                                    

ටික දවසකින් මේක ඉවසන්න බැරි තැන ශාන් තීරණයක් ගත්තා.

ලෙලේට කෝල් කරා. කතා කරලා විස්තරේ කිවුවා. ලෙලේ පොරොන්දු වුණා ශාන්ලා ඉන්න දිහා එන්න. යීබෝට හොරෙන්.

යීබෝ වැඩට ගියාට පස්සෙ දවසක ලෙලේ ආවා. ඇවිල්ලා ශාන් ගේන්න කිවුව ටික ගෙනත් දුන්නා. ඒ අතර ශාන් පපා ගැනත් විස්තර ඇහුවා. ලෙලේ ආයෙ ම ගියෙ හිතේ දුකින්. ඒත් ශාන් අර දවස් ටිකේ වගේ සතුටින් ඉන්න බව තේරුණ නිසා හිත හදා ගත්තා. 

හවස යීබෝ ආවම ශාන් මේ ගැන කතා කරන්න හිතා ගත්තා. නිදා ගන්න ගියා ම.

❤️බච්චියෝ..........

💚ම්.............

ශාන් යීබෝගෙ හූඩියෙ නූලෙන් ඇද ඇද ඒ බෙල්ල අස්සෙ මූණ තියං ඉන්න ගමං කතා කළේ.

❤️මං........මං ජොබ් එකකට........... යන්න හිතුවා.

💚කිච්චා බබා කැමති නෑනෙ ජොබ් කරන්න. ගෙදර ඉඳං මං එනකං බලං ඉන්නනෙ කැමති. ම්..........?

❤️හ්ම්......... ඒ වුණාට ඔයා ගොඩක් දුක් විඳිනවා. මේ බලන්න හැමතැන ම තුවාල. මට දුකයි. මටත් ඔයාට උදව් කරන්න ඕන.

💚ඔයා ජොබ් කරන්න ඕන්නෑ.

යීබෝ එච්චරයි කිවුවෙ. ඒක එහෙම වෙන්නද යන්නෙ? යීබෝ බය වුණා.

ශාන්ට නින්ද ගියෙ පරක්කු වෙලා. එයා සටිෆිකට් එහෙම ගෙන්න ගත්ත බව එයා කිවුවෙ නෑ.

යීබෝ උදේ ශාන්ට කලින් නැගිටලා ඉවුවා. රෙදිත් හෝදලා දැම්මා. එයා හිතුවා ශාන්ට ගෙදර තියන වැඩ අඩු කරලා එයාව නිදහසේ තියන්න. ඊයෙ කතාව එයා වැරදි කොනෙන් අල්ලගෙනද?

ශාන් නැගිටිනකොට යීබෝ යන්නත් ලෑස්තියි.

❤️බච්චියෝ........... යන්නද ඔය........? ඇයි මට ඇහැරුවෙ නැත්තෙ? අනේ..........!!!

ශාන් දඩිබිඩියෙ ඇහැරිලා කුස්සි කෑල්ලට ගියා. යීබෝ උයලා. ශාන්ගෙ ඇස්වලට කඳුළු පිරුණා.

❤️බච්චියෝ ඇයි............??? ඔයා උදෙම්ම නැගිට්ටද? ඇයි ඒ ...............? මං උයන ඒවා කන්න බැරිද........? අනේ බච්චෝ........!!!

ශාන් අඬ අඬා යීබෝ ළඟට කිට්ටු වුණා.

💚නෑ රත්තරං......... එහෙම නෑ. ඔයා දන්නවනෙ. මගෙ කෑමවලට වඩා ඔයාගෙ කෑම කන්න තමයි මං ආස. ඒ නිසා නෙවෙයි.

❤️එ........ එහෙනං........

💚ඔයා නිදහසේ දවල් දවස ඉන්න කිච්චා බබා. වැඩ වැඩි වුණාම ඔයාට එපා වෙයි.

❤️බච්චියෝ.......... මට එපා වෙන්නෙ නෑනෙ........ ඇයි මේ..........???

යීබෝ අඬන බබාව තුරුල් කර ගත්තා.

💚අඬන්නෙ ඇයි දැං.........??

❤️මට අඬන්න ඕනි.........!!!

ටිකකින් ශාන් අඬන එක නවත්තලා කතා කරා.

❤️බච්චි බෝලේ........... ඇයි එහෙම කළේ? ආයෙ කරන්න එපා. ඔයාට උදව් කරන්න මට ඕනි. අපි ආදරෙයි කියා ගත්තට විතරක් මදි. දෙන්නට දෙන්න උදව් කර ගන්න ඕනිනෙ. ඔයා විතරක් දුක් විඳිනවා. මං නිකං කකා ඉන්නවා. මට බෑ බෝලෙ......... මට බෑ.........!!!

💚කිච්චා බබා......... අඬන්න එපා. ඔයා ලෙඩ වෙයි. මං ආස නෑ. දැං ඇති ම්..........!

යීබෝ ශාන්ගෙ මූණ පිහදාලා දෙකොපුල්වලට උම්මා දීලා ආයෙ පපුවට තුරුළු කර ගත්තා. ශාන් හූල්ලනවා.

❤️මං ........... මං............ පපාට කතා කරන්නද?

ඒක ඇහුණ ගමන් යීබෝගෙ අත් දෙක තද වෙනවා ශාන්ට දැණුනා. 

💚ඇයි.........?

❤️ඕන්නෑ........ මට ඔයා ඇති. තුවාල කරගන්නැතුව එන්න එන්න මගෙ බෝලේ............

යීබෝ ගියත් හිත බයයි. ශාන්ගෙත් හිතට හරි නෑ. යීබෝව නවත්ත ගන්නත් හිතුණා. යීබෝටත් හිතුණා අද වැඩට නොයා ඉන්න. ඒත් ගියා. හිතට අමුතුයි.

📝මතු සම්බන්ධයි📝
📝Sasee Zhan📝

ඒක එහෙම වුණා. (Completed)Where stories live. Discover now