එහෙම වුණ එකේ 5වන ⁣කොටස

337 59 3
                                    


දෙන්නම ගියා. පොඩි කෑමක් උදේට කෑවා. සල්ලිත් නෑනෙ. ශාන් ළඟ නං සතයක්වත් නැද්ද කොහෙද? කාලා එළියට ඇවිත් පේමන්ට් එක දිගේ ඇවිදගෙන ගියා.

💚මෙතනින් බස් යනවා. තමුසෙ යන තැනකට නගිනවා. මං යනවා.

කියලා බස්හෝල්ට් එකේ ශාන්ව තියලා යීබෝ ගියා. ටික දුරක් යනකොට කාමර කුලියට දෙන තැනක් හම්බුණා. යීබෝ දොරට තට්ටු කළා.

💚සමාවෙන්න. මට මෙතනින් කාමරයක් ගන්න පුළුවන්ද? මාස දෙක තුනකට...

👵දෙන්නටම ද?

💚දෙන්නෙක් නෑ. මට තනියෙන්.......... ආහ්.......... මේ..........!!!

යීබෝ පස්ස හැරිලා බලනකොට මෙන්න මේකා ඇවිල්ලා. ශාන්..........!

💚තමුසෙ මගෙ පස්සෙන් ආවද.........?

මේ මොන කරදරයක්ද වගේ බැල්මකින් යීබෝ ඇහුවා.

💚මට පොඩි වෙලාවක් දෙන්න.

යීබෝ අර කාන්තාවට කියලා ශාන්ගෙ අතින් ඇදගෙන පැත්තකට ගියා.

💚මොකද තමුසෙ.............ආ..............?

❤️...............

💚කතා කරනවා ඕයි........... මොකද මගෙ පස්සෙන් ආවෙ.........?

❤️.....................

💚තමුසෙට යන්න තැනක් නැද්ද? ගෙදරින් හොරෙන් පැනලා ආවද?

ශාන් ඔළුව උඩ පාත වැණුවා. ඔව්......... මොකද්ද ඔව්...........දෙකම...... යන්න තැනකුත් නෑ. ගෙදරින් පැනලා ඇවිල්ලා.

යීබෝ කල්පනා කළා. දෙන්නා එක්කම කාමර කුලිය බෙදාගෙන හිටියොත් පහසුවක් වෙනවා. මූ ළඟ සල්ලි තියනවද දන්නෑ.

💚හරි........ දෙන්නම රෙන්ට් එක ෂෙයා කරගෙන එක රූම් එකේ ඉමු. කැමතිද?

❤️හ්ම්

ඔළුවත් වනමින් ශාන් හූමිටි තිබ්බා.

💚එහෙනම් අපිට කාමරයක් දෙන්නකො.

යීබෝ ගෙවල් අයිති කාන්තාවට කියලා කාමර බලන්න ගියා. ගණං අඩුම කාමරේ ගන්න තමයි හදන්නෙ.

👵මේක තමයි ළමයො ඒ ගානට දෙන්න පුළුවන්. ඒත් එක ඇඳයි තියෙන්නෙ. දෙන්නෙකුට නම්.........

ඒ ගෑණු කෙනා දෙන්නගෙම උඩ ඉඳං යටටයි යට ඉඳං උඩටයි බැලුවා.

👵මල්ලිද?

යීබෝ දිහා බලලා ශාන් දිහාට ඇඟිල්ල දික් කරලා ඇහුවා.

❤️ඔව්

ඔක්කොට ම කලින් ශාන් පැන්න ගමන් උත්තර දුන්නා. යීබෝ සද්ද නැතුව හිටියා. ඒකත් හරි. නැත්තං මේ පුංචි කාමරයක් දෙන්නෙකුට දෙන එකක් නෑ.

කාමරේ ගත්තා. උයාගෙන කන්න ඕනි. රෙන්ට් එක දෙකට බෙදුණම පොඩි ගාණක් එන්නෙ. බඩු ටිකක් ගෙනත් දාගන්න වෙනවා.

💚හ්ම්........ තමුසෙ ළඟ සල්ලි තියනවද?

❤️ම්.............?

💚සල්ලි........... !!! සල්ලි ඕනි ජීවත් වෙන්න. බඩු ගේන්න ඕනි උයන්න.

❤️හ්ම්

💚කීයක් තියනවද?

ශාන් එයාගෙ අතේ තිබ්බ සල්ලි ඔක්කොම ඇඳ උඩට දැම්මා. ගුලි වෙච්ච,පොඩි වෙච්ච සල්ලි කොළ ගුලියක්. කාසිත් තිබ්බා. බෑග් එක ඇතුළෙ සාක්කුවක කාසි මල්ලක් ම. කැටේ කඩලා ගෙනත් ද කොහෙද? ඇත්ත ම කියනව නං යීබෝ ළඟ දැනට තියන ගානටත් වඩා ඒ කාසි ටික වටිනවා.

💚අහ්............ තමුසෙ සල්ලිකාරයෙක්නෙ. මෙච්චර තියාගෙන මං කන්න අරං දෙනකං හිටියද?

යීබෝ ඒ සල්ලි ඔක්කොම ගණන් කරා. ඒකෙන් ටිකක් අරං ඒ ගානටම සමාන ගාණක් යීබෝත් දැම්මා.

💚අපි මේකෙන් බඩු ගේමු. රූම් එකට ගෙවන්න දැනට මගෙ ළඟ නෑ. පාර්ට් ටයිම් වැඩ කරලා හම්බුණාම දෙමු. සති දෙකකින් දුන්නම ඇති ඒක.

❤️මේ ඔක්කොම ගන්න. මට ඕන්නෑ. මං ගාව තව තියනවා.

💚මොකක්...........!!! තව තියනවා...........???

❤️...................

💚කීයක් තියනවද?

ශාන් හෙමින් හෙමින් සාක්කුවට අත දැම්මා.


📝මතු සම්බන්ධයි📝
📝Sasee Zhan📝

ඒක එහෙම වුණා. (Completed)Where stories live. Discover now