එහෙම වුණ එකේ 7වන ⁣කොටස

335 64 5
                                    


❤️අනේ...!!! දැං ඔයා මාව එලවනවද?

💚නෑ මං කියන්නෙ..... ඔයා වෙනම තැනක හිටියනං හොඳයි නේද?

ශාන්ගෙ මූණ අඬන්න වගේ ආවා.

❤️ම්............?

💚නැත්තං ඔයා මෙතන ඉන්න........ මං වෙන තැනකට යන්නං...

❤️මං.......... මට තනියෙන් ඉන්න බෑ.

💚මොකද? තමුසෙට අවුරුදු 24ක් කිවුවා නේද? කොලේජ් ගියා කිවුවා නේද?

❤️මං....... මං.......... මාස තුනයි කොලේජ් ගියේ... අවුරුදු 14දි ඇක්සිඩන්ට් එකකින් කෝමා වෙලා හිටියා. ඉතිං......පපා.......මට කොහෙවත් යන්න දුන්නෑ.  මට....... සිහිය...... ආවට.........පස්සෙ.

💚ඉතිං.......

❤️මං කවදාවත් ගෙදරින් ඉස්කෝලෙ හරි කොලේජ් එකට හරි ගියා ඇරෙන්න කොහෙවත් ගිහිං නෑ. මට කවුරුත් යාළුවො හිටියෙත් නෑ. අර ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මට නිතර අසනීප වුණා. ඒක නිසා පපා මාව හිර කළා ගොඩක්. මට තනියම කඩේකට ගිහිං බඩුවක් ගන්නවත් තේරෙන්නෑ.

යීබෝ කල්පනා කරා. කරන්න දෙයක් නෑ. ඔන්නො⁣හේ ඉන්නවා. බලමු මොකද වෙන්නෙ කියලා.

💚හරි........ තමුසෙ සල්ලිකාරයනෙ. කාමර කුලියෙ භාගෙ මං දෙනවා. ගෙදරට ඕනි බඩුවලටත් ගානක් යනවනෙ.

❤️හ්ම්.......

💚තමුසෙ එහෙනං වියදම් කරනවා. මං වැඩ කරන්නං.

❤️හ්ම්.........

දෙන්නා බෙදා හදාගෙන ඉන්නයි යන්නෙ. යීබෝ බඩු ගේන්න ගියා. ශාන් නාන්න ගියා.  යීබෝ තමයි ගෙදර වැඩ කරන්නෙ. ශාන් ඕනි හැම එකකට ම සල්ලි දුන්නා. ඇත්තටම දෙන්න දෙයක් තිබ්බෙ නෑ. ඒ සල්ලි කොහොමත් තිබ්බෙ මෙසෙ උඩ.

යීබෝ උදේ ම නැගිටලා උයලා පාර්ට් ටයිම් එකට යනවා. හවස් වෙනකම් මහන්සි වෙලා වැඩ කරලා රෑට උයන්න බලාගෙන කාමරයට එනවා. ශාන් කම්මැලි කමෙන් දවස ගෙව්වෙ. එයාට කරන්න වැඩක් නෑ. දවස් දෙක තුනක් යීබෝ එන්න රෑ වුණා. ඊට පස්සෙ ශාන් රෑට උයන්න පටන් ගත්තා. ටික දවසක් යනකොට දවල් දවසෙ ශාන් දෙන්නගෙ ම රෙදි හෝදලා වේලන්න පුරුදු වුණා.ගේ අස් කරලා පිළිවෙළට තියන්න පටන් ගත්තා. යීබෝ ඇවිල්ලා ගේ හැඩි කළාම යීබෝත් එක්ක රණ්ඩු කළා.

💚කිච්චො......... මේක ගන්නවා........ මං හොඳටම තෙමිලා.............

❤️මොකද්ද ඒ.......? මං කියලා තියනව ඕක කියන්න එපා කියලා. මාත් ඔයාට වෙන නමක් හදා ගන්නවා.

වැස්සෙ තෙමීගෙන ම ආපු යීබෝ බඩු මල්ල  ශාන්ට දුන්නා. අටිකිච්චා කෙටි කරල තමයි ඔය කිච්චා කියන්නෙ. ශාන්ට තරහයි ඒකට.

❤️මං ඔයාට බච්චා කියනවා.

💚මේක ගනිං බං. මට නාන්න ඕන. තෙමුණා.

❤️හුම්.... මොනාද මේ? ආ......... මේ ඩෝනට්.........මටද?

💚..............

යීබෝ නාන්න ගිහිං. ශාන් කෝපි හැදුවා. දෙන්නටම. ඩෝනට් කාලා බොන්න. තේ බීලා ශාන් ඉවුවා. රෑට කාලා නිදා ගන්න ගියා.

💚තමුසෙ රෑට ඩාන්ස් දානවනෙ. මගෙ ඇඟ පතත් රිදෙනවා තමුසෙව උස්සං ඉඳලා කිච්චො.

❤️ඇයි දන්නෑ. දැගලෙනවනෙ ඉතිං. ඉස්සර මං නිදා ගත්ත විදියට ම ඇහැරෙනවා. දඟලන්නෑ. උදේ වෙනකම් එක දිගට නින්ද යන්නෑ මට කවදාවත්.

💚අපොයි ඔව්. පේනවා.......... හහ්..... එහාට වෙලා අයිනෙන් නිදා ගන්නවා.

කොච්චර කිවුවත් දෙන්නම ඉතිං රෑට දඟලලා උදේ නැගිටින්නෙ හිටපු විදියට නෙවෙයි. මේ ළඟදි ඉඳං ශාන් යීබෝගෙ පපුවට තුරුල් වෙලා ඇහැරෙන්නෙ. උදේට හොරා වගේ නැගිටලා යනවා. ලැජ්ජාවට. ඒත් ආසයි එහෙම...

යීබෝත් නොදන්නව වගේ හිටියට දැනගෙන සද්ද නෑ. ඒ උණුහුම යීබෝට දවසෙ මහන්සිය අමතක කරන්න සුව නින්දක් ගේනවා.

📝මතු සම්බන්ධයි📝
📝Sasee Zhan📝

ඒක එහෙම වුණා. (Completed)Where stories live. Discover now