එහෙම වුණ එකේ 8වන ⁣කොටස

324 62 5
                                    


සති කීපයක් ගෙවිලා ගියේ පුරුදු විදියට ම. හැම උදේක ම ශාන් නැගිටින්නෙ යීබෝගේ පපුවෙ ඉඳං. යීබෝත් නිදා ගන්න ගිය වෙලේ දඟල දඟල හිටියට ශාන් පපුවට තුරුළු වුණාට පස්සෙ එළි වෙනකං එක නින්දෙ. ශානුත් එහෙමයි. ඇඳ හරහා හිටියත් නින්දෙන් ම යීබෝට කිට්ටු වුණාට පස්සෙ යීබෝගෙ ඇඟ අස්සෙම දඟලනවා ඇරෙන්න ඒ රස්නෙන් ඈත් වෙන්නෙ නං නෑ. දැන් දෙන්නට ම දෙන්නගෙ රස්නෙ නැතුව නින්ද යන්නෑ. ගෙවල් අයිති කෙනා තව ඇඳක් දෙන්න හැදුවත් දෙන්න ම එපා කිවුවෙ ඒක නිසා වෙන්නැති.

යීබෝ ශාන්ට කිච්චා කියන නිසා ශාන් යීබෝට බච්චා කියන්න ගත්තා. ඉස්සල්ලම දවසෙ ශාන් ඒක කියද්දිවත් යීබෝ පුදුම වුණේ නැත්තෙ හරියට ඒක බලාපොරොත්තුවෙන් හිටියා වගේ. ඒක කියනකං බලං හිටියා වගේ.

❤️බච්චෝ....... මගේ ළඟ මේ මාසෙ කාමර කුලිය විතරයි තියෙන්නෙ. සල්ලි ඉවරයිනෙ.

💚ආ........ ඇයි අර කාර්ඩ් එක. ඒකෙත් ඉවරයිද? එහෙනං පාර්ට් ටයිම් කරන්න වෙයි.

❤️අනේ..........!!! මං ආස ගෙදර වැඩ කරලා ඔයා එනකං බලං ඉන්න. රස්සාවක් කරන්න මං දන්නෑනෙ.

යීබෝ ගෙදර වැඩ කරන්න බාර ගත්තට ටික දවසක් යද්දි ශාන් ගෙදර හැම වැඩක් ම කැමැත්තෙන් ම කරන්න පටන් ගත්තා. යීබෝගෙ රෙදි පවා හේදුවා. රෑට රෑවෙලා මහන්සි වෙලා ගෙදර එන යීබෝගෙ කෑම එක පවා ළඟට දුන්නා. හෙම්බත් වෙච්ච මූණයි අත්වල තියන කර ගැටයි දකිද්දි ශාන් යීබෝට අනුකම්පා කළා.

💚එහෙනං සල්ලි හොයන්න ක්‍රමයක් හොයා ගන්නවා. මට දෙන්නෙක්ට වියදම් කරන්න හම්බ කරන්නද කියන්නෙ?

ශාන් දිහා ඇස් කොනෙන් බලං යීබෝ කිවුවෙ කොල්ලා මොනාද කියන්නෙ බලන්න.

❤️.................

ශාන් බිම බලා ගත්තා. ඇත්තටම සල්ලි හොයන ක්‍රමයක් එයා දන්නෑ. කවදාවත් බිස්නස්වලට සම්බන්ධ වෙලත් නෑනෙ.

💚හ්ම්......... මහන්සියි........ නිදාගන්න ඕනි.......... කොන්ද රිදෙනවා. අද උස්සපු පලතුරු පෙට්ටි හුඟක් බරයි.

❤️මං අත ගාන්නද?

💚හ්ම්..........

කිවුවා නෙවෙයි... අමාරුවට ම කියවුණා. එසැණින් ශාන් යීබෝගේ කමිසෙ උස්සලා යීබෝගෙ පිට පුරා තදින් අතගෑවා.

❤️හෙට එනකොට බාම් එකක් අරං එන්න.

💚සල්ලි නෑ කිච්චො. තිබ්බනං අද ම ගේනවා. ඒ තරං අමාරුයි මට.

❤️ඇයි අද වැඩ කරපුවගෙ සල්ලි...........?

📝මතු සම්බන්ධයි📝
📝Sasee Zhan📝

ඒක එහෙම වුණා. (Completed)Where stories live. Discover now