එහෙම වුණ එකේ 6වන ⁣කොටස

328 61 2
                                    


ශාන් හෙමින් හෙමින් සාක්කුවට අත දැම්මා. කාඩ් එකක් අරං යීබෝට දිගු කරා.

ප්ලැටිනම් කාර්ඩ් එකක්!!! දෙවියනේ..........!!! කවදාවත් වියදම් කරලා ඉවර කරන්න බැරි තරම් සල්ලි තියන කාර්ඩ් එකක්...!!!

💚ම්............මේ.........මේක....... කොහෙන්ද කියනවා තමුසෙට...........???

යීබෝ කෑ ගැහුවා. හරියට තමන්ට අයිති නැති දෙයක් ගෙදර අරං ආව දරුවෙකුට තාත්තා කෙනෙක් කෑ ගහනවා වගේ...

❤️ඒ......... ඒක........... ඒක මගේ...........

💚මොකද්ද??? තමුසෙගෙ.........??? තමුසෙ කවුද? මට කියනවා තමුසෙ කවුද කියලා?

❤️ශ්........ශියාවෝ......... ශාන්........... ශියාවෝ හෝල්ඩින්ග්ස්....... එකේ.........CEO මගෙ පපා..........!

යීබෝ අඩි දෙකක් පස්සට ගියා. යීබෝ තේරුම් ගත්තා මෙතන ⁣ලොකු කතාවක් තියනවා කියලා. දැං මේකෙන් ගැලවෙන්නත් බෑ. පොලිස් කේස් එකක් නං යීබෝත් අහුවෙලා ඉවරයි දැං.

යීබෝ හිතුවා ශාන් එක්ක කතා කරලා බලන්න.

💚ඇයි ගෙදරින් පැනලා ආවේ?

❤️පපා මාව මැරි කරවන්න හැදුවා.

💚ඉතිං

❤️මං ඒකට කැමති නෑ.

💚තමුසෙ මොකුත් අපරාධයක් කරලද ඉන්නෙ?

❤️නෑ......... පපාට අහුවෙන්නැති වෙන්න ඉන්නයි මට ඕන වුණේ.

💚පපා තමුසෙව හොයන්නැද්ද?

❤️හොයනව ඇති. ඒත් මං තනියම කොහෙවත් යන්න දන්නෑ කියලා පපා දන්නවා. ඒක නිසා මෙච්චර දුර ආවා කියල හිතන එකක් නෑ. අනික මං ෆෝන් එකත් දාලා ආවෙ. ට්‍රාන්ස්පෝර්ට් කාර්ඩ් එකත් මගෙ නමට නෙවෙයි තියෙන්නෙ.

💚මෙතන ඉද්දි අහු වුණොත් මටත් ප්‍රශ්නයක් වෙයි...

යීබෝට නිකම්ම කියවුණා.

❤️අනේ...!!! දැං ඔයා මාව එලවනවද?

📝මතු සම්බන්ධයි📝
📝Sasee Zhan📝

ඒක එහෙම වුණා. (Completed)Where stories live. Discover now