එහෙම වුණ එකේ 16වන ⁣කොටස

313 60 7
                                    

💚ආදරෙයි

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

කිවුවනෙ ලබ්බ ගලේ ගැහුවා වගේ......... හත්තිලව්වෙ ඔහොමත් ආදරෙයි කියනවද? නෑ මං අහන්නෙ අර කොල්ලා හරියකට ඇහැරෙනකං වත් හිටියෙ නෑ.

❤️බ්....බච්..........බච්චියො.........

💚හ්ම්........... බච්චි ආදරෙයි කිච්චට

❤️මෝඩයා........ මෝඩ බච්චා........ මෝඩයා......... දැන්ද කියන්නෙ..........? තව පොඩ්ඩෙන් මං මැරෙන්න හිටියෙ.......... මැරුණනං එහෙම....... මෝඩ බච්චි බෝලේ.......... මගේ බෝලේ...........

ශාන් යීබෝට ගැහුවා. හැපුවා. අහු වෙන අහුවෙන තැන් කෙනිත්තුවා. අන්තිමේ⁣ බෙල්ලෙ එල්ලුණා.

💚ඉතිං ඔයා කිවුවෙත් නෑනෙ මගෙ කිච්චෝ...........

❤️ඔයානෙ ටොප්........ ඔයා එපැයි මුලින් කියන්න.

💚අහ්..........???

❤️ඇයි මන්ද?

💚න්.....නැහ්........

❤️ම්............... මාත් ආදරෙයි.......... ආදරෙයි......... ආදරෙයි.......... උම්මා..........

ශාන් යීබෝගේ උකුළට පැනලා කකුල් දෙපැත්තෙන් දාලා වාඩිවෙලා බෙල්ල තදින් ඉම්බා.

💚මං සුප් හැදුවා. ඉන්න රත් කරලා ගේන්නම්.

❤️ම්....... සුප් බොන්න බෑ..........

💚එහෙනං මොනාද ඕනි.........?

❤️කුක්කු දෙන්න බෑද?

ශාන් යීබෝගේ කමිසෙ අස්සෙන් අත දාලා පපුව අතගාන ගමන් ඇහුවා.

💚ගනිං අත අහකට. නැගිට ගන්න පණ නෑ. වල්කම.........

යීබෝ ශාන්ගෙ අත් ගොබේට හෙමින් පාරක් ගැහුවා. ශාන් යීබෝ දිහා ඇස් යටින් බලං

❤️මට නැගිට ගන්න පණ නැති වුණාට පොඩි එක්කෙනා නැගිටින්න බලාගෙන ඉන්නෙ

කියලා යීබෝගේ පපුවෙ පැත්තක් ලොකුවට අල්ලගෙන මිරිකලා දැම්මා.

💚ඌ....හ්..........

එන පොට හරි යන්නෑ.

ඔක්කොමලා නැගිටින්න කලිං යීබෝ ශාන්ව ඇඳෙන් තියලා සුප් එක රත් කරන්න ගියා. ශාන්ට යීබෝ ළඟට යන්න ඕන වුණත් ඇඟට අපහසු නිසාම ඇදේම වැතිරිලා බලං හිටියා.

🌄

යීබෝ උදේ නැගිටලා අයෙම දෙන්නට ම කෑම හැදුවා. ශාන්ට හොඳට කන්න දෙන්න ඕනි කියලා එයා දන්නවා. ශාන් ආයෙ නැගිට්ටෙ නවයත් පහු වෙලා.

💚නැගිට්ටද? නාගෙන එන්න. අපි කමු.

❤️ම්හ්....... තාම කැරකෙනවා වගේ....... ටිකක්.......... ම්..........

💚ඒක හරි යයි......... කෑවම.

❤️ඔයා ඒ මොනාද මට කළේ?

💚ක්ලෝරොෆෝම්....... ඔයා ගොඩක් දුර්වල වෙලා හිටිය නිසයි මෙච්චර අමාරු.

ශාන් නාලා ආවට පස්සෙ දෙන්නම කෑවා. අද යීබෝට වැඩ නෑ. නෑ....... එයා අද වැඩට යන්නෑ ශාන් අසනීපෙන් නිසා.

ශාන්ට ආයෙ නිදිමතයි කිවුව නිසා ටිකකින් දෙන්නම ඇඳට ආවෙ තුරුල් වෙලා නිදා ගන්න. ශාන් යීබෝගෙ පපුව අස්සෙ ඉඳන්ම කතා කළා.

❤️බච්චි බෝලෙ ඇයි අද වැඩට යන්නැත්තෙ?

💚ඔයාට තාම සනීප මදිනෙ. ඒක නිසා හිටියා.

ශාන් හෙමින් යීබෝගෙ පපුවට හාදු තිබ්බා. යීබෝ දැනුනත් නොදැනුනා වගේ හිටියා. ශාන් යීබෝ දිහා බලනකොට යීබෝ ඇස් පියාගෙන.

'මොඩයා......'

ශාන් හිතුවා.

දවස් දෙක තුනක් ගෙවිලා යනකොට අර ඉස්සර මේ කාමරේ හිටපු දවස් වගේ ශාන් ගෙදර වැඩ කරන්න ගත්තා. යීබෝ වැඩට ගියා. හවස් වෙලා ගෙදර ආවා. නින්දෙ ඉන්න යීබෝගේ අත්වල කරගැටවලට ශාන් හාදු තිබ්බා ඉවරයක් නැතුව. එයාට දුකයි. දැන් යීබෝ ගොඩක් මහන්සි වෙනවා. ශාන්ව පරිස්සමින් බලා ගන්න ඕනි නිසා. ඒක ශාන් දන්නවා.

සමහර දවසට යීබෝ ගෙදර එන්නෙ තුවාල කරගෙන. උරිස්ස ඉදිමවගෙන. කකුලක් නොන්ඩි ගගහා. ඇඟිල්ලක් තලාගෙන. මේ වගේ මොකක් හරි අනතුරක් කරගෙන.

ටික දවසකින් මේක ඉවසන්න බැරි තැන ශාන් තීරණයක් ගත්තා.


📝මතු සම්බන්ධයි📝
📝Sasee Zhan📝

ඒක එහෙම වුණා. (Completed)Where stories live. Discover now