එහෙම වුණ එකේ 19වන ⁣කොටස

341 57 2
                                    



🌄

උදේ වෙනකොට ශාන් පැය ගානක දිග නින්දකින් ඇහැරුණා. එයාට හොඳටම තෙහෙට්ටු පාටයි. ඇස් ඇරලා වට පිට බලලා හැමදේම මතක් කර ගත්ත ශාන් එහෙම්ම ම ආයෙ ඇස් පියා ගත්තා.

❤️මගෙ බච්චො බෝලෙ......... සමාවෙන්න......... මං කැමැත්තෙන් ආවෙ නෑ......... ඔයා බය වෙලා ඇති. බය වෙන්නෙපා. මං ඉන්නවා. ඒත් හොඳින් නෙවෙයි බොේලෙ.......... ඉක්මනට ඇවිත් මාව අරං යනව නේද?

සිතුවිල්ලෙන් ම ශාන් ආයෙ නින්දට වැටුණා. වේල් ගානක් ම මගහැරුණා එයාට. පපා කවන්න හැදුවත් එයා නැගිටින්නැතුව නිදාගෙන ම හිටියා. අන්තිමේ දි ඩොක්ටර් කෙනෙක් ගෙන්නුවා. සේලයින් දුන්නා.

යීබෝ බැරිම තැන ගියා ෂැංහයි. ගියාට එයා හරියට ම දන්නෑ ශාන් මෙහෙ ඉන්නවද කියලා. ඒත් එයා කෙලින්ම ගියෙ ශාන්ගෙ ගෙදර. ගිහිං බෙල් කරාම ලෙලේ ඇවිත් දොර ඇරියා.

💚ලෙලේ........... කිච්චා බබා....... මෙහෙද?

🧔ඔව් පොඩි සර්........ එන්න...........

යීබෝ ඇතුළට ගියත් ශාන් පේන්න නෑ. එයා උඩ කාමරේ දිහා බැලුවා. ලෙලේ ගිහිං ශාන්ගෙ පපා එක්ක ආවා. වචනයක් දෙකක් කතා කරලා යීබෝ එතන ම ඉද්දි අනිත් දෙන්නා ශාන්ගෙ කාමරේට ගියා.

❤️ම්........බච්චෝ...........ම්හ්........... බච්චි........යෝ............

ශාන් කෙඳිරි ගෑවා. සේලයින් එකෙන් එයාට ටිකක් හොඳ වෙලා. ශාන් ඇඳේ ඉඳගත්තා. එදා වෙච්ච දේ මතක් වෙනකොට එයාට අලුතෙන් ඇඬෙන්න ගත්තා. ඒ වෙලාවෙ තමයි අර දෙන්නා ආවෙ.

🤵බබා නැගිටින්න........ ඔයාට අමුත්තෙක් ඉන්නවා..........

❤️මට කාවවත් හම්බෙන්න ඕන්නෑ. මට පාලඩුවේ ඉන්න දීලා යන්න.

ශාන් අඬන එක නවත්තලා තරහින් කිවුවා. එයා හිතුවෙ අර ගර්ල් ඇවිත් කියලා. එයා මැරි කරන්න හිටියෙ...

🤵එහෙනං ලෙලේ අර බච්චාද මොකාද එකාට යන්න කියනවා.

❤️බච්චා.......මගෙ බච්චියා......... එයාද............?

නම ඇහුණා විතරයි ශාන් පිස්සුවෙන් වගේ කියව කියව දිවුවා. පඩිපෙළේ පැන පැන දිවුවා. ශාන් දුවගෙන එන සද්දෙට උඩ බලපු යීබෝ පුටුවෙන් නැගිටලා අඩි කීපයක් ඉස්සරහට ඇවිත් නැවතුණා. ශාන් විසි වෙවී ඇවිත් යීබෝගේ පපුවට බර වුණා.

❤️බ්........බච්......චි.....යෝ.......හ්

💚බබා.........ඇයි මේ.......? ඔයා හොඳින් නෙවෙයිද?

❤️නෑ......... කොහෙත්ම නෑ........ මෙයාලා මාව බලෙන් අරං ආවා. මං බෑ කියද්දි. බෝලෙ........ ආයෙ මාව අරං යන්න........... මං පපා එක්ක තරහ නෑ. මට එයාව දාලා යන්න ඕන්නෑ. ඒත් මට ඔයා එක්ක ඉන්න ඕනි.

🤵ශාන්............

❤️පපා........ සොරි......මුලින් ම මට ඕන වුණේ අර මගුලෙන් ගැලවෙන්න ඔයාට හොයාගන්න බැරි වෙන්න කොහෙ හරි යන්න විතරයි. ඒත්........ඒත් දැං මං......... බච්චියට ආදරෙයි. මට එයා එක්ක ඉන්න ඕනි. මට යන්න දෙන්න පපා......... ප්ලීස්..........!!!

ශාන් යීබෝ ළඟින් පපා ළඟට ගිහිං අඬ අඬා කියෙව්වා.

ශාන් ඇස් ඇරං ඉන්න බැරි වෙද්දි ආයෙ වැටෙන්න ගියා. පපා එයාව අල්ල ගත්තා. ශාන් තාම ගොත ගගහා පපා ළඟ බැගෑපත් වෙනවා. බැරි තැන යීබෝ කතා කළා.

💚සර්.......... එයාව අසනීප වෙයි. කාමරේට අරං යන්න. මට එයාව ඕනි තමයි. ඒත් මෙහෙම එයාව අසරණ කරන්න ඕන්නෑ මට. එයාට සතුටින් ඉන්න දෙන්නයි මට ඕනි. ඒක මගෙ ළඟද, මෙතනද කියන එක කොහොම වුණත් එකයි. සර් අකමැති නං එයාව මට දෙන්න... ඒකට මං චෝදනා කරන්නෑ........ මං දන්නවා එයා මෙහෙදි කන එක කෑමවේලක් මට මාසයක් වැඩ කරලවත් එයාට අරං දෙන්න බෑ.

❤️බ............බච්චියෝ.......... !!!

📝මතු සම්බන්ධයි📝
📝Sasee Zhan📝

ඒක එහෙම වුණා. (Completed)Tempat cerita menjadi hidup. Temukan sekarang