1.මවගේ වියෝව🍃

2.4K 174 67
                                    

"ළමයෝ"
අත් පා වකුටුකොට ගෙන සිතීන් කොහේදෝ දුරක සිට චන්ද්‍ර , ගැස්සී පියවි ලෝකයකට ආවේ කරෝලිස් අප්පුහාමිගෙ කටහඬටය.

"දැන් උබ බලා කියාගන්න කවුරුත්ම නැති වෙච්ච එකෙ උබේ ඇදුම් පොට්ටනියත් ඇන්න වරෙන් මා එක්ක යන්න සෙන්කඩගල".
කරෝලිස් අප්පුහාමි චන්ද්‍රගෙ හිස අතගාමින් කිවේය.

ඔලුව ඉහලට පහලට සන් කල චන්ද්‍ර පිළිකන්නේන් නැගිට මුළු නිවසටම තිබූ එකම නිදන කුටිය වෙත බර වූ හිසීන් යුතුව පියමන් කළේය. තමා සතුව තිබූ සරෝම් දෙක හා කමිස දෙක ගුලි කොට ගත් ඔහු නැවත පිළිකන්න දෙසින් වත්ත පහලට පියමැන්නේය.

වත්ත කෙලවර මායිම දක්වන කුබුරට මෑතින් චන්ද්‍රලගෙ ඉඩමට අයත් කොටසේ තිබූ පොතු ගැලවීමෙන් රක්ත වර්ණ පුල්ලි සෑදුනු කුබුක් ගස් හෙවනේ එක් තැනක ගොක්කොල වටයක් ඇද තිබුනේය. ඒ මැද කොතක්‌ ලෙස එකතු කොට තිබූ අලුත් පස් ගොඩකි. ඒ මත සුදූ පැහැ මල් වඩම් දෙකක් තබා තිබිණි. පස් ගොඩට පහලින් නිදන්ව සිටින්නේ චන්ද්‍රට මෙලොව සිටි එකම හිතවතා එකම ආදරණීයාය. ඒ ඔහුගේ මැණියන් වීය.

චන්ද්‍රා ඉපදීමටත් පෙර ඔහුගේ පියා වූ අප්පුහාමි පරලොව ගොස් සිටියේ සර්ප දෂ්ටනයක් නිසාය. මේ නිසා තුරුනු වියේ සිටි පුංචි මැණික වෙනත් විවාහයකට පවා යාමට හැකිව තිබියදි චන්ද්‍රව බොහෝ වෙහෙස මහන්සි වී හදාගන්නට උත්සුක වුවාය.
සතර පෝයටම සිල් ගත් පුංචි මැණිකා පන්සලේ උපාසිකාවක් වීය. ඕ වත්ත පහල එළවලු කොරටුවක් මහත් වැරවැයමින් යුතුව නඩත්තු කිරීමෙන් චන්ද්‍රගෙ බඩ කට පිරෙව්වාය. ඇගේ මේ මහන්සිය දැක හිත් උණු වූ ගමේ බොහො ගැමියන් එකතුව අස්වනු නෙලන කාලයට ඇයට වී මලු දෙකක් ලබා දීමට කාරුනික වූහ. නමුත් ඒ සියල්ල ඉටු කල ඇ මෙලොව හැරගෝස්ය. දෙය්යන්ගෙ ලෙඩ සැදීමේන් ඇය මෙලෙස හිටි හැටියේම මිය ගියේ ඇයි යන්න චන්ද්‍ර මළගෙදරට පැමිණි අයගේ කතා වලින් වටහා ගත්තේය..

එවුන්ගෙන් එකෙක්ට අනුව එසේ වූයෙ පුංචි මැණික පෙර කල කර්මයකට අනුව එය පල දීමෙනි. තවකෙක්ගෙ මතය වූයෙ මෙය දේව කෝපයක්‌ බවය. තවකෙක්ගෙ මතය වුයේ මහා රාත්‍රියෙ මැණිකා නිදා සිටියදී "ආත්ම උරාගන්නා " පැමිණ ඇගේ ආත්මය උරාගෙන යන්නට ඇති බවය.. කෙසේ වුවද අවසානයේදි ඒ සියලු කතා බහ නතර වුයේ මලානික දැසින් අහක බලා සිටි චන්ද්‍රාගෙනි.

චන්ද්‍ර~භානු🍃(completed)Where stories live. Discover now