14. ආදරේ නොපෙනෙන සීමා 🍃

577 106 8
                                    

පසු දින උදැසනින්ම කදිරා විසින් නිවසින් රැගෙන පැමිණි උදේ ආහාරය අනුබව කිරීමෙන් පසු චන්ද්‍ර හා භානු එක්ව කැති පොරෝ ගෙන පහල වත්ත ශුද්ද කිරීමේ කාර්යයේහි නිරත වීමට පටන් ගත්තේය. චන්ද්‍රගේ මිතුරන්ද වැඩය සදහා උදව් කීරීමට සැරසුනද භානු එය කාරුණිකව ප්‍රතික්ෂේප කලේ පෙර දිනයේ උවමනාවටත් වඩා ඔවුන් වෙහෙස වූ බැවිනි. හවස වැඩ නිමවා පහල ඇල අසල හමුවන පොරොන්දුව මත ඔවුන් විසිර ගියෝය.

භානු නම් ගිනි කසයා මෙන් වැඩෙහි නිරත විමට පටන් ගත්තේය. වටේ පිටෙහි වූ සියලු කටු කැලය අස් කරමින් කුබුර දෙසට කැලය කපාගෙන ගියේය. නමුත් චන්ද්‍රගෙ සියුමැලි අත්ලේ ඒ වන විටත් දිය පට්ටා දමා හමාරය. පෙර දින රාත්‍රී සිදුවීම නිසා භානු තවමත් තමා සමග වැඩි ඇය් හොදය්යක් පැවැත්තුවේ නැති බැවිනුත් චන්ද්‍රගෙ උද්දච්චකම නිසාත් ඔහු අතේ දියපට්ටා පිපිරි ඒවායින් දියර ගලද්දිත් කැලේ කැපුවේය. භානු අය්යන්ඩි අහක බලාගන්නා විට ඔහු තුවාල වලට කටෙන් පිම්බෙ දැවීම මදක් හො අඩු කරගන්නා අටියෙනී.

අනෙක් පසින් භානු පෙර දින සිදුවීමෙන් පසු සිටියේ ඇවිස්සුනු හැගීම් අපහසුවෙන් පාලනය කිරීමට උත්සහ කරමින්ය.ඔහුගේ යමපල් භානු ස්වරුපය චන්ද්‍රව ගෙන ඔහුට අතෝරක් නැති අතවර කිරීමටත් අනෙක් පසින් දේවදුත භානු ස්වරුපය චන්ද්‍ර යනු තවමත් අවුරුදු දහඅටක දරුවෙක් බවත් තර්ක කලේය. නමුත් භානු සියල්ල සරල දෙතොල් තෙරපුමකට පමණක් සීමා කරමින් සිටියදී ඊයේ රාත්‍රියේ පැමිණ ඔහුව අවුස්සා ගත්තේද චන්ද්‍ර මය. මේ නිසා ඔහුට දැන් චන්ද්‍ර දුටුවිට හැගීම් පාලනයක් නොමැති වේ. අපහසුවෙන් හැගීම් දරාගත් ඔහු ඒ වෙනුවට කැලේ කපාගෙන ගියේය.

අවසානයේ ඔවුන්ටත් නොදැනීම හවස් වරුව උදා වි තිබිණි. හවස දෙකේ හෝරාව පමණ වන විට වත්තේ සැහෙන කොටසක් අවසන් විය. භානු අවසානයේ චන්ද්‍රගේ මවගේ සොහොන ශේෂ වූ පස් කන්දක් මගින් සොයා ගනු ලැබුවේය.

"මලන්ඩි.. මෙන්න මට හම්බුනා " භානු කෑ ගැසුවේය.

චන්ද්‍ර ශේෂ පස් කන්ද අසලට පැමිණයේය. ඔහු එදා යන විට සොහොනේ ඇද තිබු ගොප් කොළ මල් වඩම් සියල්ල දිරාපත්ව ගොස්ය.චන්ද්‍ර ශේෂ පස් කන්ද අසල දණ ගැසුවා නොව බිම ඇද වැටුනි.වවාගත නොහැකි වූ බැවින් අව්වට ඉරී තැලී තදව ගිය කුඩා පස් කන්ද දිය පට්ටා වලින් තුවාල වූ අත්වලිම්ම පහුරු ගැවෙය. තමා මෙලොව මේ තරම්ම තනි වුයේ මන්දය් ඔහුටම සිතා ගත නොහැකි විය. පුංචි මැණිකා හා කරෝලිස් අප්පුහාමී තමාට දරුවෙකුට මෙන් සැලකුවද මවගෙන් ඇති වූ හිඩැස පිරවීමට හැකි අයෙක් ගැන සිතීමටවත් චන්ද්‍රට නොහැකි විය. තමාගේ කුස පිරවීම සදහාම වෙහෙස වූ ඕ තොමෝ ඇගේ දිවියේ ඉදිරියක් ගැන වත් නොසිතු ඕ තොමෝ තමා විසින් කෙසේ මෙලෙස වල් ගොන්නක් වැවෙන තෙක් අතැර දමා තිබිම ගැන ඇති වූ වරදකාරි හැගීම චන්ද්‍රගෙ හිත කොනිති ගැසුවේය. කදුළු කැට වැස්සක් වියලි පොළව මත අංශු මාත්‍රයක තෙතමනයක් ඇති කරද්දී චන්ද්‍ර මහා හය්යෙන් හඩමින් දෙදන වැලමිටි දෙක තබා පස් කන්දට හිස තබා ගත්තේය.

චන්ද්‍ර~භානු🍃(completed)Where stories live. Discover now