2. සෙංකඩගල වගතුග🍃

1K 138 79
                                    

සතර දෙසින් හන්තාන, උදවත්තාදි කදු වැටි මෙන්ම මහවැලි ගං කොමලියගෙන්ද වටවූ සුන්දර සෙංකඩගලපුරය, ආරක්ෂාව ස්වබාවදර්මයෙන්ම දයාද වශයෙන් ලද මනරම් ශශ්‍රීක භූමි භාගයක් වීය. කදු ප්‍රදේශයක් වීම නිසා සිසිල් සුළං වලින්ද කන්ද උඩරටට අඩු පාඩුවක් වී තිබුනේ නැත.පහතරට බලය ඉංග්‍රීසි වීසින් මදින් මදම ආක්‍රමනය කලද තවමත් උඩරටට ඇගිල්ලකුදු ස්පර්ශයක් කීරීමට මේ පර දේසක්කාර සෙබල රැලට නොහැකි වුයේ මේ නිසාය.

පහතරට බලය ඉංග්‍රීසි වීසින් මදින් මදම ආක්‍රමනය කලද තවමත් උඩරටට ඇගිල්ලකුදු ස්පර්ශයක් කීරීමට මේ පර දේසක්කාර සෙබල රැලට නොහැකි වුයේ මේ නිසාය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  
     මේ ක්‍රිර්ති ශ්‍රී රාජසිංහ රජ සමයයි. නායක්‌කාර් වංශිකයෙකු වුවද වැලිවීට සරණන්කර මාහිමි පානන් වහන්සේගෙ ඔවදන් ලබමින් බෞද්ධ පුනරුදයක් ඇති වූ සමයයි. දළදා පෙරහැර දේවල පෙරහැරට එකතු වුයෙද මේ කාලවකවනුව තුලයි.

කරෝලිස් අප්පුහාමි නැතහොත් චන්ද්‍රගෙ මවගේ සහෝදරයා මේ පෙරහැරේ කලක පටන් බෙර වාදනයෙන් පෙරහැරට දායක වුවෙකි. එමෙන්ම ඔහු මීලග පරම්පරා සදහා මේ ශිල්පය දායාද කිරීමට ඇපකැප වෙමින් සිටින මාලිගාවේ ගරු බුහුමන් ලබන වාදන ශිල්පීයෙකි.මැදි වියේ සිටින කරොලිස් මේ සදහා දායක වුයේ ඔහුගේ තරුණ අවදියේය. ඔහු දැනට මේ පෙරහැර කාර්යයට දායක වී ගතව පහලෝස් වන අවුරුද්දයි. කරෝලිස් අප්පුහාමි චන්ද්‍රගෙ මවගේ එකකුස උපන් සහෝදරයා වන අතර විවාපත් වීමෙන් පසු කරෝලිස් මහ ගෙදරම පදින්චි වුයේය.විවාහයෙන් කරෝලිස්ට විසි වියැති පුත්‍රයෙකූද සිටී. ඔහුද මේ පෙරහැර කාරිය සදහා දැන් දැවූරුද්දක සිටම සහභාගී වෙයි.

      දෙවන දිනයේ රාස්සිගේ අව්ව කදුකරයෙන් හෙබෑ වී යාමට ආසන්න වී තිබියදී චන්ද්‍ර හා කරෝලිස් අප්පුහාමි ගමනාන්තයට ලගා වී සිටියහ. කරෝලිස් අප්පුහාමි ජිවත් වුයේ මනරම් ගමකය. එම ගමේහී පිහිටීම ඉතා සීත් ඇදගන්නා සුළු එකක් වීය. කුඩා ප්‍රමාණයෙ කදු වැටි සතකින් වටවී තිබූ ගම්මාණය මැද මුළු ගමේහීම කුබුරු පිහිටා තිබිණි.කදු සහිත රළු භූමියක් බැවින් තැන තැන හෙල්මලු ක්‍රමයට වගා කල වී ගොවි බිම්ද ගහන වීය. මේ ගම්මානයට අයත් මේ කුඩා කදු වලින් එක් කන්දකට අයෙක් නැග පහළ බැලු විට ඔහුට දිස් වන්නේ මැද කොළ පැහැ ගත් සත්පෙති මලක් අකාරයටය. අස්වනු නෙලන කාලයට මේ සත්පෙති මලේහී මද්‍යය රන් පැහැ යට ගනි. සමහර නියරේක මුන්, තල වැනි ධාන්‍ය වර්ගද ඉස තිබෙනු දැකිය හැකි වෙයි. සමහර නියරක පොල් රුප්ප කිහිපයක්ද දැකිය හැකිය. අවශෙශ කදු සතකින් සෑදි ඇති නිසා සත්තකුප්පාය යැයි කියයි.

චන්ද්‍ර~භානු🍃(completed)Where stories live. Discover now