අරුන්දතීගෙ මිනිමැරුමට පසු දින සත්තකුප්පයට සුපුරුදු පරිදි ඉර පැව්වෙය. කලබල වීමට කිසිවෙකු එහි සිටියේ නැත භානු හා චන්ද්‍ර සිතු පරිදිම සැක කිරීමට හො ඇය ගැන සොයා බැලීමට කිසිවෙක් මෙහි නොවිය.. ඇය ගැන අංශුවක තරම්වත් සොයා බැලුවො නම් ඇගේ පහසට උනන්දු වූ ගමේ කොල්ලෝ කුරුට්ටන් කිහිප දෙනෙක් පමණි. ඔවුනුත් ගමේ පොලේ පමණක් සොයා බලා එයින් සැහීමකට පත් වුහ.
සියල්ල එසේ සිදු වුවත් භානු අය්යන්ඩිගෙ සිතේ තාමත් තුවාල පැරුම් ඇතැයි චන්ද්‍රට සිතුනේය. එයට හේතුව නම් ඔහු නැවත දෙදෙනාම එකතු වි දින කිහිපයක් ගියත් තමාට එකදු තොල් සිප ගැනීමක් නොලැබුන නිසාය.. එක්කෝ ඔහුට වැරදීමකින් අමතක වි ඇත.. නමුත් එය සිදු වීමට නොහැකි දෙයකිඅඩුම ඔහු පෙරහැර මෙන් රාත්‍රියට තමාව තුරුල් කරගන්නෙවත් නැත. මාස ගණනකට පසුව තමාට එ පපුවෙ උණුසුම මැද නිදන්නට හැකි යැය් සිතුවද එයද ඉටු වුයේ නැත. අනිවාර්යෙන්ම මේ සැක දුරු කල යුතු යැය් චන්ද්‍රට සිතුනී.දෙදෙනාම ඊයේ රාත්‍රීයෙ ඉටු කලා භාර දුර කාර්යයෙන් පසු විඩාවට පත් ව සිටී නිසා පසු දින දිවා කාලය තෙක්ම නිදුහ. නමුත් මේ වන විට නම් භානු අවදි වි ගොස් ඇති බව තමාට එහා පස හිස් ඉඩ කඩෙන් වැටහී ගියේය. ඔහු දිවා ආහාරය ගන්නවා විය හැක. චන්ද්‍රත් පැදුර අකුලා නැගිට ඇසි පිය කසමින් මුළුතැන්ගෙය වෙත ගියේය.
භානු සුපුරුදු කුඩා පෙට්ටගම උඩට වි අහාර ගනී.චන්ද්‍රත් ගොස් භානුට එහා පසින් වාඩි විය. එ වේලෙහි මුළුතැන්ගෙයෙහි කවුරුත් සිටියේ නැත."ආආආ.." චන්ද්‍ර කටත් ඇරගෙන භානු දෙස බැලුවේය.
"බෙදාගෙන කාපන්.. ගැනු එක්ක නටල " භානු අහක බලමින් කිවේය.
"අනේ අය්යන්ඩි.. මම එකෙක ගැනී එක්ක ගියේ නැ " චන්ද්‍ර මුණ බේරී කරගනිමින් බිම බලාගෙන කිවේය.
"මගේ ඔලුවේ අත තියලා කියපන් ඔය තොල් වලිම් එ හැතිරිව ඉම්බේ නැ කියලා " භානු ඉදුල් අතින් මඩක්කුව අල්වාගෙන නොඉදුල් අතින් චන්ද්‍රගේ මැණික් කටුවෙන් ඇද කිවේය.
"මයේ අය්යන්ඩි පල්ලා.. මම දිවුරලා කියනවා අය්යන්ඩිට විතරම අය්ති මේ තොල් වලිම් එ ගැනී තියා වෙන එකෙක්වත් ඉබල නැ කියලා." චන්ද්‍ර, භානුගෙ ඔලුවේ අත තබා කිවේය.
YOU ARE READING
චන්ද්‍ර~භානු🍃(completed)
Historical Fictionනුවර දළදා පෙරහැර කාරිය කිරීමට ඇප කැප වූ යෞවන පරම්පරාවේ තරුණයින් දෙදෙනෙකූගෙ පෙම් පල හිලව්වයි මේ . . . සමය : කිර්ති ශ්‍රී රාජසිංහ රජ සමය රාජධානිය : කන්ද උඩරට රාජධානිය පෙරහැර කාර්යය : බෙර වාදනය