8.ගොරකා මදේ🍃

775 132 97
                                    

ඊලග දිනයේ උදැසන චන්ද්‍ර අවදි වූ චන්ද්‍ර එලෙසම මදක් ඇදෙම හාන්සි වි සිටියේය. ඔහුට මිදුල දෙසින් වංගෙඩියට කොටන ශබ්දයක් ඇසුනි. භානු දෙකන්සයෙන් දාඩියෙන් නැහැවෙමින් වංගෙඩියට කොටනවා ඔහුට පෙනුණි. ඈත සිටම චන්ද්‍ර භානු දෙස බලා සිටියේය. උඩුකය නිරුවත් භානුගෙ දෑත් වල මාංශ පේශි ඉල්පි තිබිණි. උපරිම අවදානය කෙටීමට ලබා දි ඇති නිසා ඇස් සිහින් වි තිබීනි.රෝම වලින් තොර පපුව ආඩම්බරයෙන් කැපී පෙනුන අතර උදරයේ මාංශපේශින්ද ශක්තිය යෙදීම නිසා ඈත දීම චන්ද්‍රට දැක ගැනීමට හැකි විය.

චන්ද්‍ර නැගිට කොහු ලනු ඇද මත දෑත් මදක් දෙපසට විහිදා හිද ගත්තේය.බෙහෙත් කොළ සුවදක් ඔහුගේ නැහැයට දැනුනි.භානු විසින් කොටන්නේ පයට බදින බෙහෙත් කොළ විය හැකි යැය් චන්ද්‍ර අනුමාන කළේය.

"ආ පොඩි එකෝ උබ ඇහැරුනාද? "  මෙතෙක් වෙලා භානු භාවනාව වඩමින් සිටි චන්ද්‍රගෙන් පුංචි මැණික ඇසුවාය.

"ඕ.. ඔව්‍ ඔව් " එක වරම දැහැන් බිදුණු චන්ද්‍ර වචන පටලැවෙමින් පිළිතුරු දුන්නේය.

"ඉන්ට මම රණවරා කෝප්පයක් ගේන්නම් උබට... " පුංචි මැණිකා කිවේය.

"ලොකු එකෝ... ලොකු එකෝ... උබටත් රණවරා කෝප්පයක් ඕනිද " පුංචි මැණික භානුට කෑ ගැසුවාය.

"හොද අදහසක්.. මට හකුරු කෑල්ලකුත් ඕනි " භානු බෙහෙත් කෙටිම නවතමින් කිවේය.

පුංචි මැණිකා ගෙට ගිය පසු භානු පිල වෙත ලගා විය.

"ආ මලන්ඩි නැගිට්ටද?" භානු චන්ද්‍ර ගෙන් විමසුවේය.

"ඔව් අය්යන්ඩි... අය්යන්ඩ් මයේ කකුලට බදින බෙහෙත් කොලද කොටන්නේ " චන්ද්‍රද පෙරලා ප්‍රශ්නයක් විමසුවේය.

"ඔව් මලන්ඩි ඉක්මනට සුව වෙන්ට නම් වෙද මහත්තය කිව්වේ නිරගුණ්ඩිය ගාලා ඇගේ තවන්ඩය කියලා.. එතකොට ඔය ඇග අමාරු ඔක්කොම දොස්... කකුලේ අමාරුවට බැලතණ මැල්ලුම තමය් නියම කලේ... මම ඒ ටික හදලා දෙන්නම්කෝ අද මලන්ඩ්ට." භානු මෘදු ස්වරයෙන් කිවේය.

"ආ මෙන්න බොන්ඩලා මේ රණවරා " පුංචි මැණිකා හකුරු සමග රණවර ගෙනාවේය.

චන්ද්‍ර~භානු🍃(completed)Where stories live. Discover now