දළදා පෙරහර හා බැදුණු අනේකවිධ චාරිත්‍රයන් අතර පළමු චාරිත්‍රය වන්නේ කප් සිටු වීමේ චාරිත්‍රයය්.කනුව කැප කිරීම යන්න මෙහි අර්ථයය්. වැදගත් දෙයක් ආරම්බ කරන සෑම අවස්ථාවකදිම කපක් සිටු වීම සිරිතය්. දළදා පෙරහැර සිදු කිරීමට පෙර කපක් සිටු වීමෙන් පෙරහරේ නියැලෙන්නන්ගෙ ආරක්ෂාව හා සුබසෙත පැතීමත් කිසිදු උපද්‍රවයකින් තොරව වැඩ කටයුතු සිදු කිරීමට හැකිවීමත් යන කරනා ඉටු කර ගැනීමයි.
කප සුදානම් කිරීම සිදු කරන්නේ මහනුවර මහා විෂ්ණු දේවාලයය්. මේ සදහා ශ්‍රී දළදා මාලිගාවේ සහභාගීත්වයක් නොමැත.
කප සදහා යොදාගනුයේ නැගෙනහිර දිශාවක පිහිටි පනස් වෘක්ෂයේ ශාකයකි.. බොහෝ විට මේ සදහා පල නොදරණ කොස් පැලයක් යොදා ගනී.මෙවරද තෝරාගෙන තිබුනේ කොස් පැලයකි.. සියල්ලෝම මේ කප් සිටුවීම සිදු කරන ආකාරය දැක බලා ගැනීමට වියත් තුනක් දිග මේ කුඩා කොස් පැලය වටා එක රොක් වි සිටියහ.
භානු සිටියේ පෙරදා රාත්‍රියේ හමු වූ ගගදර සමගය.. සිරිත් පරිදි ගගදර කෙස් වැටිය ලිහා සිටියේය. නමුත් සරම කැසපට නොගසා එය විලුබ තෙක් දිග වන ලෙස ඇද සිටියේය. වාටියට මදක් ඉහලින් නිල් පැහැ ඉරක් සහිත තනි සුදු සරමක් ඇගට හිර වන ලෙස ගගදර ඇද සිටියේය. සරම ඇගට හිර වන ලෙස හැද සිටින විට ගගදර ගෙ හැඩ බලන්න ලස්සනය.ඔහු උඩු කය නිරුවත්ව සිටියේය භානුද තනි සුදු පැහැ සරමක් හැද සිටී අතර එහි රතු පැහැ ඉරක් වාටියට ඉහලින් දුවවා තිබිණි. ඔහු නම් කෙස් වැටිය ඉහලට සිටින සෙ ගැට ගසා සිටියේය. නමුත් අකීකරු කෙස් රොදක් මුහුණට වැටි තිබිණි. භානුගේද උඩු කයට කිසිවක් තිබුනේ නැත ගගදර සිටියේ භානුගෙ වැලමිටෙහි තම දෑතම පටලවාගෙනය. දෑතම පටලවාගෙන ඔහු භානුට පෙරහරේ තතු කනට කොට පවසයි.පෙනෙන හැටියට ඔහු කප් සිටුවීමේ කෙල පැමිණියෙක්.
"භානු මේකට ගන්නේ පුරුෂ ලිංග ගහක්.. මේකේ වටේට පහන් නවයක් දල්වල සුවද දුම් අල්ලලා බුලත් කොළ නවයක් මල් වර්ග නවයක් තියලා තමා ගහ හෙලන්න ඕන.. ඔන්න එනවා විෂ්ණු දේවාලේ ගස් කපන්නා ".. ගගදර සෙනග අතරින් ඈතින් එන සුදු වතින් සැරසුණු පුද්ගලයෙක් පෙන්වා කිවේය.
ESTÁS LEYENDO
චන්ද්‍ර~භානු🍃(completed)
Ficción históricaනුවර දළදා පෙරහැර කාරිය කිරීමට ඇප කැප වූ යෞවන පරම්පරාවේ තරුණයින් දෙදෙනෙකූගෙ පෙම් පල හිලව්වයි මේ . . . සමය : කිර්ති ශ්‍රී රාජසිංහ රජ සමය රාජධානිය : කන්ද උඩරට රාජධානිය පෙරහැර කාර්යය : බෙර වාදනය