17.දළදා විසිතුරු 🍃

431 86 24
                                    

කුකුලා හැඩලිමටත් පෙර පිටත් වීම නිසා වාදන කාණ්ඩයට හවස් වන්නට මත්තෙන් දළදා මාලිගාවට සේන්දු වන්නට හැකි විය. සුවද දුම් කුරු වල සුවද මාලිගාවට ඇතුල් වන විටම දැනිනි. මාලිගාවට එහා පසින් තිබු නුවර වැව "කිරි මුහුද " උනුන්ගේ නිසොල්මනේ පසුවුහ.තැන තැන දල්වා තිබු විලක්කු ආලෝකය නිසා දළදා මාලිගාවම එකාලෝක වි තිබිණි.ඒ ආලෝක ලප වැවටද වැටි රැලි සමග තාලයට වැනුනේ ශ්‍රද්ධාවෙන් සාධු කියන්නාක්‌ මෙනි.සුදු හැදගත් මිනිස්සු දෑසින් පවා වැහෙන බැතියෙන් මානෙල්, නෙලුම් ආදී මලින් ද කිරි අහාර සිසිල් පැන් වැනි ගිලන් පසයෙන්ද බුදුන් පිදීමට සැරසෙමින් සිටියහ.මාලිගාවේ තැනක අලියෙක් දෙන්නෙක්ද ගැට ගසා සිටියේය.කිසිත් නොදත් ඔවුන් උන් තැනම කිතුල් කොටයකට පයින් ගසා එහි බොඩය ඔහේ විකමින් සිටියහ.හොඩ වැලෙන් හා මවිල් රහිත නැට්ටෙන් හොහපුටු රැල එලවු ඔවුහුගෙන් එකෙක් දෙකෙක් ඉද හිට කුන්චනාද කලේ එකිනෙකාගේ බල පරාක්‍රමයෙ තරම පෙන්වීමටයි.කලබල කිරීම වැලක්වීමට ඔවුන් යදමින් බැදී විලංගු වලින් සන්නද්ධ කර සිටියහ.දළදා මාලිගාවේ දන්ත දාතුන් වහන්සේ තැන්පත් කර තිබු කුටිය ඉදිරි පිට මහා හඩින් බෙර වයමින් සවස තේවාව පටන් ගෙන තිබිණි. තේවා හඩ කාගේ කාගේත් සිත් දළදා වහන්සේ කෙරෙහි තිබු බක්ති ප්‍රසාදය වැඩි කිරීමට සමත් විය. උඩු මහලට නැගී නඩයට වන්දනා කරුවන් පිදු මානෙල්, නෙලුම්, වැනි නානාවිද මලෙහි සුවද නහයට සංවේදනය විය.පහල කුඩා කඩයකින් ගත් මල් වට්ටියක් වාදන නඩයද දළදා වහන්සේ කුඩා කඩදොර තුලින් දැක සිත් පැහැද ගනිමින් පිදුහ."අනුරාධපුර, පොළොන්නරු, දබදෙනි වැනි රාජධානි වල සිට ලක්දිවේ පිනට ලක්‌ මවට දයාද වූ අසු කෙලක් සද්ධර්මය ස්පර්ශ කළාවූ දන්ත දාතුන් වහන්සේ මම වදිමී "දළදාව වැදී සියල්ල සිතින් එසේ සිතුහ.

දළදාව වන්දනාවෙන් අනතුරුව කරෝලිස් අප්පුහාමි ඇතුළු වාදන නඩය දියවඩන නිළමේ බැහැ දැකීමට ගියහ.ඔහු උස මහත සුදු නොවන රන් වන් පැහැ වර්ණයකට උරුමකම් කියූ ගාම්භිර මිනිසෙක් විය.එමෙන්ම කාරුනාවන්ත අයෙක් විය. රතු පැහැ මුල් ඇදුමක් ඇද සිටී එතුමා ලගින් සැවැන්දරා සුවදක් පැමිණියේය.

චන්ද්‍ර~භානු🍃(completed)Where stories live. Discover now