3. පලවෙනි රාත්‍රිය🍃

908 153 88
                                    

"අම්මේඒ මම ආව " ඉදිරිපසින් තරුණ කටහඩක් ඇසිනි. රාත්‍රිය උදාවී තිබුන නිසාදෝ හුළු අත්තක් බිම ගැටෙන හඩද ඇසුනි.

"ඔය කියනකොටම එන්නේ අපේ ඉලන්දාරියා " කරෝලිස් අප්පුහාමි කිවේය.

එවිටම වගේ අයෙක් බීම බර අඩි තබමින් මුළුතැන්ගෙය දෙසට පැමිණෙන හඩ ඇසිනි. ගොම මැටි පොලොව නිසා ඔහු එන විට "ඩොග් ඩොග් " ශබ්දය නැගිණි. ඔහුගේ පැමිණිම භූමිකම්පාවකට සමාන වීය.

චන්ද්‍රට වඩා අදුරු සමක් තිබූ චන්ද්‍රට වඩා උසක් තිබූ තරුණයෙක් වේගයෙන් කුස්සියට පැමිණියේය ඔහු ලිප අසල සිටි චන්ද්‍රව නොදැක සුළගක වේගයෙන් කරෝලිස් අප්පුහාමි හිදගෙන සිටි කුඩා පෙට්ටගම කොනක හිද ගත්තේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චන්ද්‍රට වඩා අදුරු සමක් තිබූ චන්ද්‍රට වඩා උසක් තිබූ තරුණයෙක් වේගයෙන් කුස්සියට පැමිණියේය ඔහු ලිප අසල සිටි චන්ද්‍රව නොදැක සුළගක වේගයෙන් කරෝලිස් අප්පුහාමි හිදගෙන සිටි කුඩා පෙට්ටගම කොනක හිද ගත්තේය. ඔහු භූමි කම්පාවක් මෙන් අඩි තබනවා පමණක් නොව චන්ඩ කුනාටුවක් මෙන් වේගවත් බවත් චන්ද්‍ර තනියම සිතුවේය. කිසිවෙකු මොහු එන පාරේහී නොදැක සිටගෙන සිටියහොත් මොහුගේ වේගයට ඇගේ හැපී බඹයක් පමණ ඈතට ගොස් වැටෙනු ඇතැයි චන්ද්‍ර සිතුවේය. මේ අනුව ඔහු සමාන වන්නේ කුළු හරකෙකූට බව චන්ද්‍ර සිතුවේය. නමුත් ඔහු එලෙස වේගයෙන් ඇවිද එන විට ඔහු ඈතට දිස් වන්නේ කක්කුට්ටකූ කෙලින් ඇවිදින්නෙ යම් සේද එසේ කක්කුටු තාලයට බව තවත් වරෙක ඔහුට සිතුනේය. ඒ අනුව භානු කක්කූට්ටේකූද කුළු හරකේක්ද නැතහොත් මේ දෙකේහීම සංකලනයක්ද යන්න යන ගැටළුවට ඔහු මුහුණ දුන්නේය. ඔහු කුළු හරකෙක්ගෙ ඉදිරිපස කකුළුවෙක්ගෙ කුඩා අඩු මෙන් අත් සහිත සත්ත්වයේකූ කක්කුට්ටකූ ඇදයට නොයා කක්කූට්ටේක්‌ කෙලින් ගමන් කරන ආකාරය සිතීන් මවා ගැනීමට ඔහු උත්සහ කළේය. ඒ අනුව ඔහු "කුළු හක්කුට්ටෙක්" නම් මනඃකල්පිටිත සත්ත්වයේකූ සත්තකුප්පායෙ ගොම මැටි ගැසූ නිවසක මුළු තැන්ගෙයේහී දැවමය වංගෙඩික්‌ මත වකුටු වී හිදගෙන සිටින අවස්ථාවක සොයා ගත්තේය.

චන්ද්‍ර~භානු🍃(completed)Where stories live. Discover now