19. රන්දෝලිය 🍃

461 87 68
                                    

දින පහක කුබල් පෙරහරින් අනතුරුව එළබෙන්නේ රන්දෝලි පෙරහැර පවත්වන දින පහයි. මේ පෙරහැර දිනයන්හිදී වඩාත් දීප්තිමත් වර්ණ සංකලණයෙන් යුත් වර්ණ යොදාගනී. බොහෝ විට මේ සදහා රතු, නිල්, කහ වැනි මුලික වර්ණ සුවිශේෂී ලෙස යොදාගනු ලබන අතර වර්ණ ගැලපීමේදී අවශ්‍ය තැන් සදහා සුදු වර්ණයද බහුලව යොදා ගනී.. සහභාගී වන අලි සන්ක්‍යාව මෙන්ම නර්තන ශිල්පින් සන්ක්‍යාව ඉහලය.
මෙහිදී පෙරමුණේ රාල ප්‍රථමයෙන් රිදී මංජුසාවක බහලු ලිපි මිටියත් සමග ප්‍රථමයෙන් ගමන් කරන අතර පසුව පිලිවෙලින් කසකරුවන්,ගිනි බෝල කරුවන්,බෞද්ධ කොඩි ගෙන යන්නන්
දවුල්, හොරණෑ, තම්මැට්ටම්, තාලම්පට,හක්ගෙඩිය අත ඇතිව  හේවිසි වාදනය කරනනන්,ගජනායක නිළමේ ඇතුන් කිහිප දෙනෙක්, නැට්ටුවෝ සහ බෙරකරුවෝ,දළදා ගුණ ගයමින් ගමන් කරන කවිකාර මඩුවේ ශිල්පීහු ගමන් කරති. අවසානයේ මගුල් ඇතු දෑලේ ඇතුන් සමග කරඩුව වඩම්මන අතර ඊට පිටුපසින් දිය වඩන නිළමේ ගමන් කරනු ලබයි. දළදා පෙරහැර අවසානයේ සතර මහා දේවාල වන නාථ,විෂ්ණු,  කතරගම පත්තිනි යන ඒවායේ පෙරහැර පිලිවෙලින් ගමන් කරනු ලබයි.

රන්දෝලි පෙරහරේ මුලිකම අරමුණ රට සරුසාර බාවය, බත බුලතින් සරු වීමට කලට වෙලාවට වැසි පතිත වෙවාය් යන්න වෙ. පෙරහැරෙ කස කරුවන් මගින් අකුණු හඩත් ගිනි බොල මගින් අකුණු සැරත් අලි ඇතුන් මගින් වැහි වලාකුළුත් නියෝජනය වෙ.

කරෝලිස් අප්පුහාමි සහ භානුගේ නායකත්වයයෙන් යුත් හේවිසි කණ්ඩායම ගමන් කරන්නේ සවරන් නටන්නන්ට පිටුපසිනී. කණ්ඩායම් දෙක වෙන් වෙන්ව එකට ගමන් කල අතර භානු ඇතුළු කණ්ඩායමට විශේෂ අවදානයක් ලැබුණි. භානුගේ කඩවසම් උත්තුඟ දෙහදරී ගුණයත් වාදනය සදහා අදිනු ලබන උඩු කය නිරුවත් නිල් රතු කහ සුදු මිශ්‍ර යටි කලිසමත් ඔහුට මනාව ගැලපුනි. දිගු අග
ගිලි සහිත පාදයේ ගිගිරි හඩ නැන්වූ ගෙජ්ජි වල ශබ්දයෙන් සෙලවි ගියේ පෙරහැර නැරබීමට පැමිණි ගැටිස්සියන්ගේ හදවතයි. බලාසිටී බොහෝ දෙනා භානුගෙ කණ්ඩායමට කාසි පමණක් නොව සමහරෙක් හැද සිටී රත්රන් මාලද ගලවා විසිකරනු දක්නට ලැබුණි.කලාකරුවෙකු වශයෙන් භානු අවුරුදු කිහිපයකින්ම භානුටම ආවේනික ප්‍රේක්ෂක ප්‍රජාවක් නිර්මාණය කොටගෙන තිබිණි. එ සියල්ලටම හේතුව ඔහුගේ කඩවසම්බව පමණක්ම නොවේ පරම්පරාවෙන් ඔහුට ලේ වලින්ම දයාද වූ නර්තන හැකියාව වාදන හැකියාවද ඔහුගේ දක්ෂතා සදහා ඔහු කල කැප කිරීම්ද එලෙස ඔහුව ඔසවා තැබීමට දායක විය.
බොහෝ කලාකරුවන්ගේ දෑගිලි හා බෙර ලෙයින් පෙගි ගියේ ශ්‍රද්ධාවෙ උච්චත්වය උතුරා ගිය තන්හිය. අලි ඇතුන් ගෙ කුන්චනාද බෙරහඩ තලම්පට, බට ලි හඩ පැළද සිටී ගෙජ්ජි හඩ.. මේ සියලු ශබ්ද පුජා හෙළයෙ මහා කළා මංගල්‍යට එක් කලේ වර්ණවත් හැඩයකි.

චන්ද්‍ර~භානු🍃(completed)Where stories live. Discover now