5. සැලසුම 🍃

741 137 60
                                    

අර මොකක්ද භානුවෝ කරගන්න ඔනී " සින්ධුප නිකට කසමින් විමසුවේය.

"මේකයි කෙරෙන්ට ඔනී... උට හොදට හොම්බට දෙකක් අනින්ට ඔනී මට." භානු කිවේය.

"ඉතින් ඇනපන්කෝ " පුලින ගත් කටටම කිවේය.

"කේප්ප වස්සෝ මම ගෙදර මිනිහා වෙලා උට ගැහුවම අප්පච්චිටයි අම්මාටයි කිවම මොකද වෙන්නේ.." භානු ඇසුවේය.

"ආ හැබැට..." පුලින කිවේය.

"අන්නේක නිසා තමා මට උබලගේ උදව් වුවමනා වෙන්නේ.... පුළුවන්ද හෙමිට වැඩක් දෙන්න " භානු ඇසුවේය.

"උබට ඉතින් දෙන්න බැරි අපේ බොකු විතරයි කියලා උබ දන්නවනේ භානුවා..."පුලින තම දෙතොලට උඩින් ලාවට වැවී ඇති දැලි රැවුල පිරිමදිමින් ගාම්භිර ලෙස කිවේය.

"හොදයි ඒනම් උබලට හැකි නේද?" භානු ඇසුවේය.

"හ්ම්ම්ම්.. භානුවෝ අපිට‍ තැනයි හොරාවය් කියපන්..." සින්ධුප විමසුවේය.

" ම්ම්ම්ම්ම්ම් අනිද්දා උදහැනෑක්කේම කුකුළාත් අතින් අරන් අම්මා යනවා. උබලා දන්නවනේ යන මාර්ගේ කවරකාරද කියලා.. අර විසාල කළු ගොරක ගහ පාවුලද පහල අත්තක ඉදල පැනල හොදට දෙකක් අනින්ඩලා..හිරීමක්වත් වෙන්ට බැ හැබැයි..එත් තියෙන ලොකුම පුරස්නේ අම්මා අරුව බේරගන්න පනී නේද්.. "
භානු නිකට කසමින් කල්පනා කරන්නට පටන් ගත්තේය

"පුලිනය උබ අම්මව බදල අල්ලගනිම්.. සින්ධුප උබ නෙලපන් අරුට..යනකොට කළු මුකවාඩම් දෙකක් උබලට දෙන්නම් මම "
භානු විදනාර්තස්වරයෙන් කිවේය.

"හරි භානුවෝ.. අපි කරන්නම් හෙට ඉර අපෝ වෙන්ට කලින් මුකවාඩම් ටික අපේ තිප්පොලටම ගෙනත් තියපන් "
පුලින කිවේය.

"මමත් එන්නම් උබලගේ උදව්වට.. එත් මම හැංගිලා ගොරකා ගහේ ඉහල අත්තක ඉන්නම්.. එහෙනම් වැඩේ තීන්දුය් නේ" භානු ඇසුවේය

"ඔව්"

"හරි ඒනම් මම යනවා "යැය් කියමින් භානු කඩමන්ඩිය දෙසට පිය මැන්නේ  චන්ද්‍රව පදමට තෙම්පරාදු කර හදා ගැනීමෙ පරමාර්ථය පෙරදැරිවය.

ඔහුට අනුව චන්ද්‍ර කුඩාකාලයේ සිටම හිසේරදයක්ය. භානු වැලිකෙලියේ සිටම ආශ්‍රය කලේ පුලින හා සින්ධුප පමණි.. ඔහුට ගමේ අනික් කොල්ලෝ කුරුට්ටන් කිසිවෙක් සිතට ඇල්ලුවේ නැත.. එවන් අයෙක් භානු හා මිත්‍ර වීමට පැමීණියේ නම් එ මිත්‍ර කම තිබ්බේ නිදිකුම්බා කොලයක් ස්පර්ශ කලවිට ඒවා හැකිලිමට ගතවන කාලයටත් වඩා අඩු කාලයකිනි... ඒම කාලයද ගත වුයේ භානු ඔවුන්ට තම අකමැත්ත ප්‍රකාශ කිරීමට බැම හැකිලිම නිසාය.

චන්ද්‍ර~භානු🍃(completed)Where stories live. Discover now