11.ගල් මාලේ 🍃

643 124 83
                                    

චන්ද්‍රගේ කැඩුණු කකුල පුර්ණ සුවයට පත් විය. ඔහුට දැන් එහා මෙහා කිසිදු අත් වැලක් නොමැතිව යා හැකි බව භානු දුටුවේය. මේ නිසා තම සිතැගි හෙළි කිරීමට මෙය හොදම අවස්ථාවක් බව ඔහුට සිතිනි.. එමෙන්ම ඔහු ගොරකා ගස මුදුනේ සිට පැන කකුල කැඩුවේ තමාගේ අනක් නිසා බව කීමටද අවැසි විය. එය ඔහුගේ හිතේ කොනක හර්ද ශාක්ෂියට පට හැනිව වැඩෙනා පිළිලයක් සේ විය. නමුත් මේ සියල්ලෙම පරහට හිටියේ ඔහුගේ ලැජ්ජාවය්.. අනෙක් පසින් චන්ද්‍ර සියල්ල පසෙක ල තමාට සිනා සුනහොත් තමා එහිම වලක් කපා මියෙයාම යහපත් බව ඔහුට සිතිනි. මේ සියල්ලම සදහා රා පොල්ලකට්ටක බලයක් තිබේ නම් සියල්ල හොදින් සිදු වනු ඇතැයි භානු සිතුවේය.ඔහු පසුදාම මේ සදහා දින වෙන් කළේය.

පෙර දින සවස් භාගයේ කඩ මන්ඩිය වෙත තනිවම ගිය භානුට පුලින හා සින්ධුප මුණ ගැසිනි.

"ආ කොහේද බෑරක්ද?" පුලින නෝක්කාඩුවෙන් මෙන් ඇසුවේය.

"මම මේ රා කලයක්‌ ගන්න කියලා." භානු පැවසිය. ඔහුට තමා සැහෙන කාලයක්‌ තම පණවන් මිතුරන් දෙදෙනාගෙන් ඈත් වි සිටිම පිළිබද සිතේ අවුල්සහගත හැගීමක් දැනිනි.

"යමුද තිප්පොල පැත්තේ?.. මම ගානේ අරන් දෙනවා " භානු පැවසුවේය.

දෙදෙනාම එයට එකග විය. මේ නිසා භානු කුඩා මුට්ටියක් සහ තිදෙනෙකුට ප්‍රමාණවත් විශාල මුට්ටියක් වශයෙන් මුට්ටි දෙකක් මිලයට ගත්තේය.

"භානුවෝ උබට අපිව අමතක වෙලාද බන්.. දැන් දකින්නවත් නැ " සින්ධුප තිප්පලේ පැල මත හිද ගනිමින් කිවේය.

"අනේ නැ බොලව් චන්ද්‍ර මලණ්ඩිගේ පත්තු බැදිල්ල තිබ්බනේ "

"මලන්ඩි" සින්ධුප හා පුලින විශාල වූ දෙනෙතින් යුතුව ඇසුවේය්.

"උබලා දෙන්න නයයි මුගටියය් වගේනේ හිටියේ "පුලින කිවේය.

"අනේද හා අර මුල් දවස් වල අරු මු ගගා ඉදල දැන් මලන්ඩිලු.. මොකක්.. උබ හොදින්ද භානුවෝ " සින්ධුපද ඇවිලෙන ගින්නට පිදුරු හෙළුවේය.

"මට උබලට කියන්න විශේෂ යමක් තියෙනවා.. " භානු රා පොල් කටු දෙකක් මිතුරන් දෙදෙනා අත පත් කොට  ගසේ බිමින් විහිදි ගිය විශාල අත්තකට බරවී කිවේය.

චන්ද්‍ර~භානු🍃(completed)Where stories live. Discover now