20. නැවතත් නිවසට 🍃

426 84 45
                                    

"මට පැහැදිලි කරන්න දෙන්න මගේ අය්යන්ඩි.. මට පැහැදිලි කරන්න දෙන්න..මට පැහැදිලි කරන්න දෙන්න මගෙ අය්යන්ඩිට " චන්ද්‍ර හඩමින් කිවේය.

පිළිතුරක් වෙනුවට අනෙක් පසින් "චටාස් අනුකරනයෙන් පහරක් කම්මුල හරහා චන්ද්‍රට එල්ල විය.පහරත් සමගම අහක බලාගත් චන්ද්‍ර පහර වැදුණු කම්මුලට අත තබාගෙන භානු දෙස බැලුවේය.. කිමට ගිය දෙය පහරින් ගිලිහුනු චන්ද්‍ර ඉන්පසු කිසිත් නොකීවේය. චන්ද්‍රට නොහැඩූනේය.ඔහු කම්මුලට අත තබාගෙන දිගටම භානු දෙස බලා සිටියේය.

තමා ගැසූ පහැර සැර වැඩි වූ බැව භානුට් තේරුනේ පහර දුන් පසුවය. පහර දුන් අතෙහි අත්ලත් ගැසූ පහරේ ශක්තියයට සමානුපාතිකව පුපුරු ගැසුවේය.නමුත් ඊටත් වඩා ඔහුගේ පපුව ඇදුම්කයි.

"නැටිච්චියක් එක්ක නටල නටල ගන්න දෙයක් නැතුව එනවද මෙතන මම එක්ක ආයේ නැලවෙන්න.. ඇ පහරයෝ.. තමුසේ හිතුවද එක එකා එක්ක ගිහින් එන්න මම අම්බලමක් කියලා.. ඇහ්.. උබේ පපුව ඇදුන්කෑවේ නැති උනාට මට තවත් උහුලන්න පුළුවන් කියලා උබ හිතුවද.. ජිවිතේ පලවෙනි වතාවට මිනිහෙක් විදිහට විශ්වාස කරලා උබට ආදරේ බින්දුවක් නොඅඩුව දුන්නම උබ හිතුවද මම ඔතැනීයෙක් කියලා.. උබ කියන කියන පදේටත් නටල අන්තිමට කොහෙන්දෝ ගමට පාත් වෙච්ච තේ උඩිච්චියක් එක්ක නාඩගම් නටන්න ගත්තේ මොන හිතකින්ද.. අඩුම උබට තිබ්බා මට කැමති නැ කියන්න.. එම උනා නම් අඩුම මට හිත හදන් පැත්තකට වෙන්න තිබ්බා.. කිසිම දෙයක් නොකියා මම කොමද දන්නේ තමුසේ මට අකමැතිද කැමතිද කියලා උබ කියන්නේ නැතුව.. හිතක් පපුවක් නෑද්ද උබට....මට.."

"අය්යන්ඩි " චන්ද්‍ර සන්සුන් ස්වරයෙන් පැවසිය.මේ නිසා මෙතෙක් වෙලා යක්ෂා වේශව සිටී භානු නැවතුනේය.ඔහු කතාව නවතා චන්ද්‍ර දෙස බැලුවේය.

"මට..... මට සමාවෙන්න." චන්ද්‍ර නැවතත් හිදී ගිය කදුළු පහරවල් අලුත් කරගනිමින් කිවේය. භානු වික්‌ශිප්තව බලා සිටියදී ඔහුගේ උරහිස්වලින් මෘදුව අල්ලා තමා දෙසට ඇදගත් චන්ද්‍ර, භානුට මාස ගණනකට නොලැබුණු කිසිදු තේ උඩිච්චයක් වෙත දයාද නොකල පරම පිවිතුරු භානු අය්යන්ඩිට පමණක් අය්ති ඔහුගේ දෙතොල් වලින් භානුගේ මුහුණ පුරා හාදු වලින් නැහැව්වේ ඇස් වලින් නොනවත්වා ඇදහැළුණු කදුළු කැටද සමගයි. භානුට මය්ල්ක්‌ ගානේ ඇග හිරි වැටුණු අතර ඔහු චන්ද්‍රගේ බද තමා දෙසට තද කරගනිමින් චන්ද්‍රගෙ උරහිස මත හිස හොවාගෙන කුඩා එකෙකු ලෙස ඉකි ගැසුවේය.චන්ද්‍රත් භානුගේ කර මතින් අත් යවා භානු තරම්ම උස නොවන නිසා කකුලේ ඇගිලි වලින් මදක් ඉස්සි ඔහුගේ උරහිසේ මුහුණ සගවා ගත්තේය. දෙදෙනාම එකට ඉකි බිදුහ.. චන්ද්‍රට භානු අය්යන්ඩිට මෙලෙස වීමට හේතුවක් කීමට නොහැකි විය.. භානුටද හේතු ප්‍රත්‍යන් ඇසීමට වුවමනාවක් නොතිබිය.

චන්ද්‍ර~භානු🍃(completed)Where stories live. Discover now