21. කුරුළු පාලුවෙ මිනිමැරුම 🍃

442 81 58
                                    

නිවසට ගොස් දවසක් පමණ නිදාගෙනම දවස ගත කල කරෝලිස් අප්පුහාමි භානු චන්ද්‍ර තිදෙනා නැවතත් යතාතත්වයට පත් වුයේ නිවසට පැමිණි දිනට පසු දින සවස් භාගයේදි පමණය.

භානුත් චන්ද්‍රත් සවස් භාගයේ වෙන වෙනම තිප්පල කරා ගියහ..චන්ද්‍ර භානු අය්යන්ඩිටත් හොරා සගවා සිටී එ රහස් සියල්ල එහි හෙළි කළේය.
.
.
.

එදින රාත්‍රියේ අරුන්දතීය සමග කතා කරගත් පරිදි චන්ද්‍ර ඇයව හමු වීමට වෙලේ කුරුළු පාළුව අසලට රාත්‍රී කාලයේ පැමිණියේය. කිසිවෙක් අහල පහල නොසිටින කාගේවත් නෙත නොගැටෙන කාටවත් නෑසෙන සීමාවක් ලෙස සත්තකුප්පායෙ කුරුළු පාළුව හදුන්වා දිය හැකිය.. එ අසලම කැපු ගොයමෙන් ඉතුරු වූ විශාල පිදුරු ගොඩක්ද ගසා තිබුනේය.චන්ද්‍ර එ ගොඩ මතට පැන හිසට යටින් අත් නවාගෙන අරුන්දතිය එනතුරු සුපුරුදු ලෙස බලා සිටියේය. පරිසරයම මුසල නිශ්ශබ්දතාවයක ගිලි තිබුනේය.
ලගින් ඇසුණු සර සර ශබ්දය නිසා චන්ද්‍ර නැගිට බැලුවේය. ඔහුගේ මුවට සිනා මල් පොකුරක්ම පහල වුයේ එ අරුන්දතීය බව දුටු විටය්.

"අය්යන්ඩිහ්හ් " අරුන්දතීය සුපුරුදු ලෙස චන්ද්‍ර වෙතට කඩා පැන්නේ චන්ද්‍රගෙ නොමද පහස ලබා ගැනීමටය. කලබල නොවූ චන්ද්‍ර ඇගිලි දෙකක්  අරුන්දතිගේ චිත්තයට හා හැට්ටයට මැදිව නිරුවත්ව තිබු බද දිගේ පහල සිට ඇගේ මුහුණ දක්වා ගෙන ආවේ ඇයව හිරි වැට්ටිමේ අරමුණෙනි.

දැතින්ම චන්ද්‍රව වැලදගත් අරුන්දතී චන්ද්‍රව සිප ගැනීමට ගියද සුපුරුදු ලෙස චන්ද්‍ර ඇයව වැලකුවාය.

"ආනෙඑඑ ඇය් අනේ මාව වලකන්නේ " ඇය නෝක්කාඩු ස්වරයෙන් ඇසුවේය.

"දැන්ම බැහැ "චන්ද්‍ර කිවේය.

"ඇය් එන්න කිවේ " අරුන්දතී චන්ද්‍රගෙ කනට කොදුලාය.

චන්ද්‍රගෙ කටකොනකට සිනහවක් ඇදිනී. මුව අදාරයෙන් විසිල් සංඥාවක් නිකුත් කලේය. සැනින් සියල්ල උඩු යටිකුරු විය. අසල කැලැව ආසන්නයෙන් කළු මුකවාඩම්ලාගත් අයෙක් අරුන්දතිය දෙසට පැන්නේය. චන්ද්‍ර මෙතෙක් වෙලා අල්වා ගෙන සිටී අරුන්දතීගෙ බද පිදුරු ගොඩ දෙසට හරවා ක්ෂණයෙන් පා පහරක් දි ඇයව පිදුරූ ගොඩට ඇද දැම්මෙය. එසැනින් ක්‍රියාත්මක වූ මුකවාඩම් කරු ඇගේ අත් බැද දැම්මෙය. පයින් ඇයව පිදුරු ගොඩටම තදකරගෙන සිට මුකවාඩම ලිහා දැම්මෙය.

චන්ද්‍ර~භානු🍃(completed)Where stories live. Discover now