9.රහස් තිප්පලේදී 🍃

683 127 73
                                    

පසු දිනත් ගොයම් සිටුවීමේ කටයුතු නිසා උදැසනම පුංචි මැණිකාත් කරෝලිස් අප්පුහාමිත් උදැසන අහර කිසෙන් පසු නිවසෙන් බැහැරව සිටියෝය.

චන්ද්‍ර තවමත් නින්දේ පසු වූ නිසා භානු තැවිලි මැල්ලුම් බැදිලි සදහා අවශ්‍ය කළමනා සුදානම් කළේය. රණවරා තැම්බීමට දැමු භානු චන්ද්‍ර නැගිටූවා අදාළ සියළු බෙහත් හේත් සිදු කළේය.
තමාටත් චන්ද්‍රටත් රණවරා පොල් කටු දෙකක් වත්කරගෙන හකුරු පොත්තකුත් සමග පිලට පැමිණි භානු එකක් චන්ද්‍ර අත තබා පිල මත හිදගත්තේය.

" අම්මලා හීලට ගදපු බත් ඩින්ගක් අපි දෙන්නටත් තියේ කොරොස් දෙකක් දාල.. මම ඒ දෙක බත් මුලක් හැටියට බැදගෙන එන්නම්.. අපි අද පොඩි ගමනක් යමු. " භානු කිවෙය.

"ඒ කොහේද අය්යන්ඩි." චන්ද්‍ර විමසුවේය.

"උබේ නේත්‍රා දෙකෙම්ම බලාගන්ටකො ඒක " භානු කිවෙය.

"මම හිතන්නේ දැන් අටේ හෝරාවට ඩිංගක් මෙහා.. අපි දෙන්න ඉක්මන් කරොත් ඉර මුදුන් වෙන්න කලින් මේ තැනට යන්න පුළුවන්." භානු පිලෙන් නැගිටිමින් කිවේය.

සියල්ල තනිව සිදු කරන භානු අය්යන්ඩි ගැන චන්ද්‍රට ඇති වූ අනුකම්පාව කියා නිම කල නොහැකි විය.

භානු බත් මුල් දෙකක් සමග කුඩා ලබු කැටේකට වතුර දමා ගත්තේය.

"අය්යන්ඩ් මම කොමද යන්නේ මට අඩිය තියන්න අමරුය් නෙ " චන්ද්‍ර කිවේය.

භානු කිසිදු පිළිතුරු ලබා දීමකින්  තොරව චන්ද්‍ර අත එකට ගැට ගැසූ බත් මුල් දෙකද ලබු කට්ටද තැබුවේය.චන්ද්‍රගේ අත් තම කර වටා යවා භානු, චන්ද්‍රව කර තබා ගත්තේය. චන්ද්‍රගේ කලවා යටින් අත් යවා චන්ද්‍රව තිර ලෙස ඔසවා ගත්තේය.

භානු ගමන් ගත්තේ ඔහුගේ රහස් තිප්පල වෙතය්. චන්ද්‍ර එතරම් මහත් අයෙක් නොවූ නිසා  භානුට චන්ද්‍රව ඔසවාගෙන යාමෙන් කිසිදු විඩාවක් නොවිනි.

තිප්පල වෙත පැමිණි භානු චන්ද්‍ර දෙබලේ ඌ පැල මත හිදෙව්වේය. දෙදෙනාම බත් කා අවසාන වෙනතුරු කිසිවෙක් කිසිවක් කතා කලේ නැත. කරබාගෙන අහාර ගත්තා පමණි. භානු මුලින්ම අහාර කිස නිමකොට ගස පිටුපසට ගියේ ලබු කට්ටෙන් වතුර වත් කර ගැනීමටය්.

චන්ද්‍ර~භානු🍃(completed)Where stories live. Discover now