6. චන්ද්‍රට අකරතැබ්බයක් 🍃

733 138 82
                                    

ඊලග දිනයේ උදැසනම චන්ද්‍ර අවදි වූ අතර පෙර දිනයේ භානු පිලේ නිදගැනීම නිසා ඔහු සුවෙන් පසුවන්නේද යන්න පිලිබදව චන්ද්‍රගෙ සිතට ගෙන දුන්නේ අසහනයකි.මෙ නිසා චන්ද්‍ර අවදි වූ සැනින් මුළුතැන්ගෙයට නොයා ගියේ ඉදිරිපස පිල වෙතය්. නමුත් එ වන විටත් භානු එහි නොසිටියේය.

චන්ද්‍රට තමා නිසා අය්යන්ඩ් එක් මොහොතක්වත් නිවසේ නොරැදෙන වග දැන් සක්‌ සුදක් සෙ පැහැදිලිය.. තමා කෙතරම් ඔහුට කීකරුව ඔහු සමග මිත්‍ර විමට උත්සහ දරුවද භානු තමා වටාම ගොඩ නගාගෙන තිබු මනහඃකල්පිත බැමි සමුහයා එයට හරස් විය.

එදිනත් මුළු දවස පුරාම භානු අය්යන්ඩ් නොසිටි අතර භානු පිළිබද සියළු අදහස් අත්හැර දැමු චන්ද්‍ර පුංචි මැණිකා සමග කාලය ගත කළේය. පුංචි මැණික සමග මුළුතැන් ගෙට වී සිටි චන්ද්‍ර විවිධ පලා කොළ මැල්ලුම් ලිවීමට, කිතුල් පැණි දුමේ එල්ලීමට, කුබුරු වගා නොකරන කාලයේ ඉසින නානාවිධ බීජ වර්ග වල බීජ ලබා ගන්න සැටි වැනි ගැහැනුන් විසින් ඉටු කරන බොහෝ කාර්යන් පිලිබදව උගත්තේය.. එ සෑම විටම ඔහුට මියගිය ඔහුගේ මැණියන්දැ මතක් විය.. ඇය ජිවතුන් තුල සිටි කාලයේ මෙ කිසිවක් ඇගෙන් නොවීමසා ඇය තනි කොට සෙල්ලමට යාම පිලිබදව චන්ද්‍රට තමා ගැනම ඇති වුයේ දුකකි.. මෙ පිලිබදව සිතමින් සුපුරුදු වංගෙඩි කොටය මතට වි හිදගෙන සිටින විට පුංචි මැණිකා දර මිටියක්ද රැගෙන මුළුතැන්ගෙට ආවය.

"පුතේ උබට තනියය් ද.. ඉදින්කෝ හෙට උදහැනම මම පොලට යනවා.. උබ ආවත් හරි අපේ සත්තකුප්පයේ සිරි දැක්කෙත් නැනේ... රණවරා කෝප්පයක් වත් බොනවද උබ " යැය් කියමින් පුංචි මැණිකා ලිපේ උණු වෙමින් තිබු වතුර මුට්ටියෙන් වතුර පොල්කට්ටූ දෙකක් ගෙන එයට රණවරා තැම්බෙන්නට දැම්මාය.

"කොහේද මම අපේ අර මැටි කදට කීවා උබව අරන් පලයන් කියලා යන තැනක.. ඌ එක්ක බැ මයේ පුතේ " පුංච් මැණික කීවාය.

"මයේ හිතට දැනුන් තෙරුන් යන විදිහට නම් අම්මේ අය්යන්ඩි මට කැමති නෑ.. අය්යන්ඩ් ඊයේ රාත්‍රියේ පිලේ ඉදියේ.. කුකුළා අඩලන්නත් කලියෙන් අය්යන්ඩ් අතුරුදහන් " චන්ද්‍ර හැගීම්බරව කිවේය.

චන්ද්‍ර~භානු🍃(completed)Where stories live. Discover now