Prologue

2K 302 241
                                    

-2000 වර්ෂය-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

-2000 වර්ෂය-

සුහදිනියේ සඟවන් සෘජු බැල්මේ ඇරයුම්..
දෙවියන් දිවැසින් කල ප්‍රතිමාවී දිලෙනා..
සඳවතියේ නුඹ නම් සැණකෙළියයි මගෙනම්..
කවියන්ගේ දෑසේ රස සීමා පනිනා..
හීනෙන් රෑ ලං වූ සුවඳක් සේ ලඟ උන්
සංවරියේ රන් සිත කෝ මා පිනනා..

වාත්තු කර ඇති දේහ තලාවට
හේත්තුවෙන්නද හෙවනැල්ලෙන්
කාන්ති විහිදෙන නයන ඉනාවට
සාන්තුවර සිත හී දැල්වෙයි..
හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ.. දඟ මෙනෙවිය ඔබ මා වල්මත් කල අරුමැසියයි මෙලොවේ...

වීණා බඳවට කැරකෙන වරලස
අණදෙන හෘදස්පන්දනයෙන්
සුසුමේ රිද්මයටම රඟදෙයි ඔබ
මගේ පෘථග්ජන සිතුවිල්ලෙන්
හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ..
රතු නලඟන මගෙ හිත අවතැන් කළ එකම ළඳයි මෙලොවේ..

බාගෙට ලියා තිබුණු ඒ ගීතය ටේහ්‍යොන්ග් සිය මනසින් සම්පූර්ණ කර දැමුවේ ඔහු සිත සොරාගත් ඒ නන්නාඳුනන සුන්දර රූපය නිසාවෙන්.

ජිමින්ව මුණ ගැසෙන්නට ගමේ කලායතනයට පැමිණි ඔහු දුටුවේ ජිමින්ගේ වීණා ස්වරයේ තාලයට පාද තබන ලාබාල යෞවන යෞවනියන් පිරිසක්. සුළඟ සමඟ දඟපාන ඒ සුන්දර නර්තනයේ යෙදෙන පිරිස අතරින් එක රුවක් ටේහ්‍යොන්ග්ගේ හදවත එක ක්ෂණයකින් අයිති කරගන්න සමත් වෙද්දි ඔහුගේ දෑස් එක එල්ලේම ඒ සුන්දර යෞවනයා වෙතට යොමුවුණා.

ඔහුගේ දිවියේ ගතව ගොස් තිබුණු වසර 34ටම ඔහු සිය හදවත සෙලවීමට සමත් උනු එවන් සුන්දර රුවක් දැක තිබුණේ නැහැ. මේ තාක් කල් ගල්ව ගොස් තිබුණු ඔහුගෙ සීතල හදවත එක් උණුසුම් රුවකින් ආයෙමත් ගැහෙන්නට පටන් ගත්තෙ ටේහ්‍යොන්ග් ඒලෙසින්ම එතැන්හි නතර වෙද්දි.

සඳසාවි නුඹ මගේ ||Taekook|| [Completed]Where stories live. Discover now