Chapter 29

1K 221 45
                                    

"මොකෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මොකෝ.." බෝල ඇසුත් ලොකුකරන් ඇසිපියත් නොගසාම ඔහු දෙස බලාගෙන ඉන්න ඔහුගෙ හුරුබුහුටි ආදරවන්තයගෙන් ටේහ්‍යොන්ග් විමසුවා.

"සුදු අයියා ගොඩක් ලස්සනයි සූට් එකට.. ගාම්භීර පාටයි." ජන්ග්කුක් කිව්වම ටේහ්‍යොන්ග් හිනාවෙලා ජන්ග්කුක්ගෙ කම්මුලක් සිපගත්තා.

"මගෙ බෝලෙත් අද ලස්සනම ලස්සනයි." ජන්ග්කුක්ගෙ මූණෙ මැවෙන ඒ හුරතල් හිනාව දිහා බලාගෙනම ඒ වචන ටික පිටකරපු ටේහ්‍යොන්ග් සූදානම් කරගෙන තිබුණු ජන්ග්කුක්ගෙ බෑග් එක සියතට ගත්තා.

"යමු, නැත්නම් අපි පරක්කු වෙයි."

"ම්ම්.."

"බයෙන්ද ඉන්නෙ මගෙ බෝල ගෙඩිය?"

"ටිකක්.. කැම්පස් එකේ මං අඳුරන කවුරුත් නෑනෙ."

"මට විශ්වාසයි.. ඔයාට ඉක්මනටම යාලුවො ගොඩක් හම්බවෙයි."

ජන්ග්කුක්ගෙ හිස අතගාලා එලෙසින් පවසපු ටේහ්‍යොන්ග් නිවසේ දොර වසාගෙන ජන්ග්කුක් සමඟින් සිය මෝටර් රථයට ගොඩවුණා.

ඒ ජන්ග්කුක් කැම්පස් එකට භාරදෙන දවස වෙද්දි ජන්ග්කුක්ගෙ හදවත ලොකු නොසන්සුන් බවකින් පිරිලා තිබුණා. ටේහ්‍යොන්ග් උනත් ජන්ග්කුක්ගෙ කුලෑටි ගති පැවතුම් නිසාවෙන් පොඩි බයකින් හිටියත් ජන්ග්කුක් අනිවාර්යයෙන්ම අලුත් ජීවිතේට හුරුවෙයි කියන විශ්වාසෙ ඒ හිතේ තිබුණා.

ජන්ග්කුක්ගෙ භාරකරු ලෙසින් ටේහ්‍යොන්ග් පෙනී සිටිද්දි ඔහුට නව ශිෂ්‍යයන්ගේ දෙමාපියන් උදෙසා කරන දැනුවත් කිරීම් වලට සහභාගි වෙන්න සිද්දවුණා. ඒ නිසාවෙන් ජන්ග්කුක් සම වයස් තරුණ තරුණියන් හා තනිවුණා.

දෙමව්පියන්ටත් ශිෂ්‍යයන් හටත් වෙනම වෙනම විශ්වවිද්‍යාලය පද්ධතිය පිළිබඳව කරන ලද දැනුවත් කිරීම් වලින් අනතුරුව එදා දවස නිමාවකට පත්වීමත් සමඟ අලුත් සිසුන්ගෙන් බහුතරයක්  ඔවුන්ගේ නේවාසිකාගාර වලට පිටත්ව යද්දි ජන්ග්කුක් ටේහ්‍යොන්ග් සමඟින් ආපසු ඔවුන්ගේ නිවසට පිටත්වුණා.

සඳසාවි නුඹ මගේ ||Taekook|| [Completed]Where stories live. Discover now