Chapter 28

1.2K 236 83
                                    


Warning : Mature content ahead.

කලින් දවසෙ රෑ බයටම ටේහ්‍යොන්ග්ට ගුලිවෙලා නිදාගත්තා උනත් පහුවෙනිදා උදෙන්ම සුන්දර සිනහවකින් ඔහුව පිළිගත්තු ටේහ්‍යොන්ග්ගෙ මෑණියන් නිසාවෙන් ජන්ග්කුක්ගෙ බිය මදකට දුරුවෙලා ගියා.

ජන්ග්කුක්ගෙ ගමේ විස්තර අසමින් උදෑසන කෑම වේල ඔහුත් සමඟින් ගත්තු ඇය ජන්ග්කුක් හට ටේහ්‍යොන්ග් පිළිබඳව රසබර තතු කියන්නටත් අමතක කලේ නැහැ.

උදෑසනින්ම ඔහුගෙ පියාණන් සමඟින් ටේහ්‍යොන්ග් නිවසින් පිටත්ව ගියේ ජන්ග්කුක්ගෙ විශ්වවිද්‍යාලය ආසන්නයෙන් ඔවුන් දෙදෙනාට ජීවත් විය හැකි නිවසක් සොයා ගැනීමේ අරමුණින්. ජන්ග්කුක්ට ඔහු සමඟින් යාමට අවශ්‍ය වුවත් ටේහ්‍යොන්ග්ගෙ පියාණන් සිටි නිසාවෙන් ඔහු නිහඬවම ටේහ්‍යොන්ග්ට සමුදෙන්න තීරණය කලා.

හවස් වෙද්දි හොඳටම වෙහෙසට පත්වෙලා නිවසට ගොඩ වැදුණු ටේහ්‍යොන්ග්ව ජන්ග්කුක් සතුටින් වැළඳගත්තා. ටේහ්‍යොන්ග් නැතිව ඔහු කොතරම් පාලුවෙන් සිටියාද යන වග ඔහුගෙ හැසිරීමෙන් හොඳින්ම පෙනෙද්දි ටේහ්‍යොන්ග්ගෙ දෙමව්පියන් පවා මද සිනහවකින් ඔවුන්ට ඉඩදී ඉවතට ගියා.

"මාව මතක් උනාද මගෙ සුදු බෝලෙට?"

"ම්ම් ගොඩක්.."

"ගොඩක් වැඩ තිබුණු නිසා එන්න පරක්කු උනා බෝලෙ."

"මාවත් එක්කගෙන යන්න තිබුනනේ.."

"ඔයාව පුදුම කරවන්න ඕනෙ නිසානෙ ඉතින් මං තනියෙන්ම අමාරු වැඩ ටික කරේ.. මං බෝලෙව හෙට උදෙන්ම අපේ ගෙදරට එක්කගෙන යන්නම්."

සඳසාවි නුඹ මගේ ||Taekook|| [Completed]Where stories live. Discover now