Chapter 17

1.1K 244 267
                                    


Moonflower and Taehyung from STL 😌 🌈

ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ට ලියපු තුන්වෙනි ලියුමත් ලියලා අවසන් කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ට ලියපු තුන්වෙනි ලියුමත් ලියලා අවසන් කරා.

හැම මාසෙකට වතාවක්ම ජන්ග්කුක් ටේහ්‍යොන්ග් වෙනුවෙන් ලිපියක් යැව්වත් ඔහුට ටේහ්‍යොන්ග්ගෙන් පිළිතුරු ලිපියක් නම් ලැබුනෙ නෑ. ඒත් උත්සාහය අත නොහැරපු ජන්ග්කුක් ටේහ්‍යොන්ග් වෙනුවෙන් ලියන තුන්වෙනි ලිපියත් ලියලා අවසන් කරා.

"මට ඔයාව ගොඩක් මතක් වෙනවා මාස්ටර් සර්.." ටේහ්‍යොන්ග්ගේ ඇඳේ දිගාවෙලා ටේහ්‍යොන්ග්ගේ කොට්ටයක් පපුවට තුරුල් කරගත්තු ජන්ග්කුක් මිමිණුවා.

"ටිං ටිං..." කාත් කවුරුත් නැති ටේහ්‍යොන්ග්ගේ නිවස අයිති කරගත්තු පුංචි ලේන් පැටියෙකුගෙන් ජන්ග්කුක්ට පිළිතුරක් ලැබුණා.

"තුන් ඉරි අප්පුටත් මාස්ටර් සර්ව මතක් වෙනෝද?"

"ටිං.. ටිං.."

"හ්ම්ම්.. ඇත්ත.. මටත් මාස්ටර් සර් නැතුව ගොඩක් පාලුයි." සුසුමක් හෙලපු ජන්ග්කුක් ඇස් පියාගන්න ගියත් ටේහ්‍යොන්ග්ගේ කාමරේ තිබුණු පුංචි මේසෙ යට තියෙන ෆයිල් එකක් දැක්කම ජන්ග්කුක්ගෙ ඇස් කුතුහලයෙන් පිරුණා.

"මේ මොකද්ද.. මාස්ටර් සර්ට බැරිවෙලා දාලා ගියපු එකක්වත්ද?" ඔහුගෙන්ම විමසමින් ජන්ග්කුක් ෆයිල් එක ඇතුලෙ තිබුණු සුදු පාට ටිකක් ලොකු ලියුම් කවරය විවෘත කරා.

"ඔහ්!"

ලියුම් කවරෙ ඇතුලෙ තිබුනෙ ජන්ග්කුක්ගෙ පින්තූර වගයක්. අතරින් පතර ගමේ සුන්දර තැන් වල ඡායාරූපය තිබුනත් එතන වැඩියෙන්ම තිබුනෙ ජන්ග්කුක්ගෙ පින්තූර..

"මාස්ටර් සර් මේවා කොයිවෙලේද ගත්තෙ?" ජන්ග්කුක් එහෙම අහන ගමන් ඡායාරූප එකින් එක බලාගෙන ගියා.

සඳසාවි නුඹ මගේ ||Taekook|| [Completed]Where stories live. Discover now