Chapter 12

1K 246 280
                                    

"මාස්ටර් සර්.. සර්.." කීපවතාවක්ම කතා කරත් ටේහ්‍යොන්ග් එළියට ආපු නැති නිසා ජන්ග්කුක් පුරුද්දටත් එක්ක කෙලින්ම ගේ ඇතුලට ඇවිදගෙන ගියා. බලාපොරොත්තු උනු රූපෙ සාලෙ ඇතුලෙත් හිටපු නැති නිසා ජන්ග්කුක් හිමීට ටේහ්‍යොන්ග්ගේ කාමරේට ඇවිදගෙන ගියා.

"මාස්ටර් සර්.. ඔයා බයිද?" ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ ඇඟට අත තිබ්බත් ඒ ක්ෂණයකින් ජන්ග්කුක් අත ආපස්සට ඇදලා ගත්තා. කවදාවත් නැතුව වකුටුවෙලා නිදාගෙන ඉන්න ටේහ්‍යොන්ග්ගේ ඇඟ ගිනි කබලක් වගේ රත්වෙලා තිබුණා. ඒ රස්නෙ දරාගන්න බැරි නිසයි ජන්ග්කුක් අත ඉක්මනට ආපස්සට ගත්තෙ.

"මාස්ටර් සර්.. කෝ නැගිටින්නකෝ.. " ජන්ග්කුක් ආයෙමත් ටේහ්‍යොන්ග්ට ළංවෙලා ඒ කම්මුලක් අතගාන ගමන් කතාකරා.

"ම්ම්හ් බ්-බෝලෙ.." ටේහ්‍යොන්ග් අමාරුවෙන් ඇස් දෙක ඇරියම දැක්කෙ තමන්ගෙ මූණට එබීගෙන ඉන්න කඳුලු පිරුණු රවුම් ඇස් දෙක.

"ඔයාට හොඳටම උණ." ජන්ග්කුක්ගෙ කටහඬ පවා වෙව්ලුවා.

"උහ්, අඬන්නෙපා.." ටේහ්‍යොන්ග් අමාරුවෙන් ඇඳේ කෙලින් වෙලා ජන්ග්කුක්ගෙ කම්මුලකට අත තදකරලා මාපට ඇඟිල්ලෙන් ඒ ඇස් වල කඳුලු පිහලා දැම්මා.

"ඒත් මාස්ටර් සර්ට හොඳටම උණනෙ.."

"ම්-මැණික ඇයි ඊයෙ ආවෙ නැත්තෙ?" අමාරුවෙන් උනත් ටේහ්‍යොන්ග් එහෙම ඇහුවම ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ ඇඳෙන් ඉඳගත්තා.

"ඊයෙ ඉස්කෝලේ වැඩ කරා මං.. ඒ ටික ඉවර වෙද්දි ගොඩක් රෑ උනු නිසා ආරා අක්කි කිව්වා රෑ වෙලා කොහෙවත් තනියෙන් යන්නෙපා කියලා."

සඳසාවි නුඹ මගේ ||Taekook|| [Completed]Where stories live. Discover now