Chapter 8

1.1K 245 212
                                    

ACTOR JUNGKOOK!!!

"සුදු බෝලෙ.." ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ නිකට ඇඟිලි වලින් උස්සලා ඒ ඇස් වලට එබුණා.

"මීටපස්සෙ පිට පිරිමි කෙනෙක් ඉස්සරහා මෙහෙම හැසිරෙන්න එපා.. තේරුණාද?"

"ඇයි?" ජන්ග්කුක් ඇස් ලොකුකරන් ටේහ්‍යොන්ග් දිහා බැලුවා.

"ඒක.. ඒක.. එතකොට ඒ කෙනාට සුදු බෝලෙට කරදර කරන්න හිතෙයි."

"ඉතින් මං අයියලා එක්ක ආවම කලිසම නැතුවත් නාලා තියෙයි.."

"ඒ අයියලා එක්කනෙ.. අනික එතකොට ඔයා පුංචියි. දැන් ලොකුයිනෙ.. ඒ නිසා පිට අය ඉස්සරහා එහෙම ඉන්න එක හොඳ නෑ.. තේරුණාද?"

"මං අනිත් අය ඉස්සරහා එහෙම ඉන්නෙ නැතුව ඉන්නම්.. ඒත් මාස්ටර් සර් මට කරදර කරන්නෙ නෑ කියලා මං දන්නවා." ජන්ග්කුක් පණ්ඩිත තාලෙට කිව්වම ටේහ්‍යොන්ග් දිග සුසුමක් හෙලලා ජන්ග්කුක්ව ළඟ තිබුණු ගලකට හේත්තු කරවලා ඒ මූණට බරවුණා.

ජන්ග්කුක්ගෙ ඇස් කුතුහලයෙන් පිරිලා තිබුණත් ඒ ඇස් වල බයක සේයාවක්වත් ගෑවිලා තිබුනෙ නෑ.

ජන්ග්කුක්ගෙ තොල් කොනකින් දෙතොල් තදකරපු ටේහ්‍යොන්ග් ඒ පිරුණු කම්මුලක් දැඩිව සිපගෙන ජන්ග්කුක්ගෙන් ඈත්වුණා.

"ඉක්මනට නාගෙන ගොඩට එන්න. මං යනවා." ජන්ග්කුක් පිළිතුරක් දෙන්න කලින්ම ටේහ්‍යොන්ග් ඉක්මනට එතනින් ආවෙ ඔහු ඒ වෙද්දි හිටියෙ ස්වයං පාලනයෙ අවසන් අදියරේ නිසා.

සඳසාවි නුඹ මගේ ||Taekook|| [Completed]Where stories live. Discover now