Chapter 16

1K 235 222
                                    

"උඹ මොකද්ද පාහරයො මගෙ අහිංසකයට කරේ?"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"උඹ මොකද්ද පාහරයො මගෙ අහිංසකයට කරේ?"

"උඹ කොහොමද මේ පුංචි එකාට මෙහෙම දෙයක් කරන්න හිතුවෙවත්?"

"ඇයි මගෙ මල්ලිට මෙහෙම දෙයක් කරේ අයියෙ?"

"මම මේක ලේසියෙන් අතාරින්නෙ නෑ.. උඹව මහ උළු ගෙදර යවලා තමයි මම පස්ස බලන්නෙ."

ඔහු වටා සිටි ජන්ග්කුක්ගෙ සහෝදරයින් සහ ජිමින් ටේහ්‍යොන්ග් හට දොස් නගද්දි ටේහ්‍යොන්ග් නිහඬවම බිම බලාගෙන සිටියා.

කොහොම උනත් හති දමමින් දිව ආපු ගමේ මනුස්සයෙක්ගෙන් ඔවුන්ට බාධා එල්ලවුණා.

"නම්ජුන් මහත්තයා.. නම්ජුන් මහත්තයා.. අපේ සුදු බබා..."

"මොකද්ද උනේ?" නම්ජුන් ඇහුවත් ඔහු අවිශ්වාසයෙන් නම්ජුන් දෙස බලා සිටියෙ රැගෙන ආ ආරංචිය ඔහුට කියනවාද නැද්ද යන අදහසින්.

"මොකද්ද වෙලා තියෙන්නෙ කියලා කියනවා මනුස්සයො?" නම්ජුන්ගෙ කෝපය මුසු හඬින් තිගැස්සුනු ඔහු අවසානයේදී එය පවසා සිටින්නට අදහස් කලා.

"ස්-සුදු බබා... සුදු බබා... ගඟට පැනලා.."

"නෑ!!!!" බියට පත් හඬකින් බෙරිහන් දුන්නු ටේහ්‍යොන්ග් කලබලයෙන් සිය දෑස් විවර කලා.

"අනේ දෙවියනේ මට සමාව දෙන්න සුදු බෝලෙ." ඒ දෑස් අගින් කඳුලු බිඳුවක් වැටෙද්දි ටේහ්‍යොන්ග්ගේ බිඳුණු හඬින් එවදන් නික්මුණා. දහඩියෙන් නැහැවී සිටි ඔහු සෙමින් ඇඳෙන් බැස ඇඳ අසලම තිබුණු මේසය මත තිබූ වතුර ජෝගුව අතට ගත්තා.

දිගුකලක් පිපාසාවෙන් පෙලුණු අයෙකු මෙන් වතුර ජෝගුවෙන් බාගෙටත් වඩා එකදිගට බීගෙන ගියපු ටේහ්‍යොන්ග් බර සුසුමක් පිටකරමින් ජෝගුව නැවතත් මේසය මතින් තැබුවා.

සඳසාවි නුඹ මගේ ||Taekook|| [Completed]Where stories live. Discover now