Chapter 27

1.2K 233 308
                                    


"හූඌඌඌඌ!!!" බිංගෙයක් ඇතුලෙන් යද්දි ජන්ග්කුක් හයියෙන් කෑගැහුවම ටේහ්‍යොන්ග් ඉක්මනට ජන්ග්කුක්ගෙ කට වහන්න උත්සාහ කරත් ජන්ග්කුක් දඟලලා ටේහ්‍යොන්ග්ගෙන් බේරිලා දිගටම කෑගහන්න ගත්තා.

ආයෙමත් ඉර එළිය පේන්න ගනිද්දිම කෑගැහුවෙ තමන් නෙවෙයි වගේ ටේහ්‍යොන්ග්ගෙ අතක් බදාගත්තු ජන්ග්කුක් ඔහුට ගුලිවුණා.

"අර්හ්.. ඔයා නම් මහ පිස්සු කොල්ලෙක් බෝලෙ." වාසනාවකට වගේ එයාලා හිටපු කෝච්චි පෙට්ටියේ වැඩි සෙනඟක් නොහිටපු එක ගැන සැනසීමෙන් ටේහ්‍යොන්ග් කිව්වම ජන්ග්කුක් හිනාවෙලා ටේහ්‍යොන්ග්ගෙ අතක් ඔහුගෙ අත් අතරට පටලව ගත්තා.

"මාස්ටර් සර්ගෙ ඇඟිලි දිගයි.." ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගෙ ඇඟිලි සමඟින් සෙල්ලම් කරන ගමන් කියද්දි ටේහ්‍යොන්ග් හිනාවෙලා ජන්ග්කුක්ගෙ අත සිය අතැඟිලි අතරට සිරකරගත්තා.

"තව මොනාද දිග කියලා දැනගන්න ඕනෙද?" ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ කන්පෙත්තක තොල් ගෑවෙන නොගෑවෙන ගානට ළංවෙලා ගැඹුරු හඬකින් මිමිණුවම ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගෙ බාහුවට මූණ තදකරගත්තා.

"සුදු අප්පච්චි.." ජන්ග්කුක් පළවෙනි වතාවට ඔහුට සුරතල් නාමයකින් ආමන්ත්‍රණය කරාම ටේහ්‍යොන්ග්ගේ දෑස් විසල්ව ගියා.

"බෝලෙ?"

"මං දිගටම හිතුවා.. දැන් මාස්ටර් සර් මගෙ මහත්තයා නිසා මාස්ටර් සර් කියන එක හරිනෑ කියලා හිතුනා." ජන්ග්කුක් හේතුව පැහැදිලි කරාම ටේහ්‍යොන්ග් හිනාවෙලා ඒ හිස් මුදුන සිපගත්තා.

සඳසාවි නුඹ මගේ ||Taekook|| [Completed]Where stories live. Discover now