Chapter 13

1.1K 252 195
                                    

නුඹේ සිනා ළඟ නෙත නැවතුනු දා
නුඹේ කතා ළඟ සිත නැවතුනු දා
ප්‍රේමය හැඳින්නෙමී
මේ ලෝ තලයේ..

නුඹේ සිනා ළඟ නෙත නැවතුනු දානුඹේ කතා ළඟ සිත නැවතුනු දාප්‍රේමය හැඳින්නෙමීමේ ලෝ තලයේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒ නුවර පෙරහැර පැවැත්වෙන දවස. සිරිතක් විදිහට හැම වර්ෂයකම රන්දෝලි පෙරහැර බලන්න යන එක ඒ වෙද්දි ජන්ග්කුක්ගෙ ගමේ බොහෝ දෙනෙක් කරපු දෙයක්. ඉතින් මෙවරත් කට්ටියම පෙරහැර බලන්න යන්න තීරණය කලා.

වලව්වට අයිති උනු ලොකු ලොරියක් තමයි මේ ගමන වෙනුවෙන් සූදානම් කරගෙන තිබුනේ. යුන්ගි, මින්හි, යුන්ගිගෙ නංගි ජියා, නම්ජුන්, ජිමින්, ජිමින්ගෙ බිරිඳ යුමී සහ ඔවුන්ගෙ පුතා, ජින්, ජින්ගෙ බිරිඳ සානා සහ ඔවුන්ගෙ දරුවන්, හෝසොක් සහ ඔහුගෙ බිරිඳ ආරා, ජන්ග්කුක් වගේම ටේහ්‍යොන්ග්නුත් මේ ගමනට එකතු වුණා. මේ වතාවෙ වැඩිහිටි කිසිම කෙනෙක් ගමනට සම්බන්ධ නොවුණු නිසා ගමනෙ මූලිකත්වය ගත්තෙ වැඩිමලා උනු ජින්.

සුපුරුදු පරිද්දෙන්ම කොච්චර ඉඩ තිබුණත් ජන්ග්කුක් ඒ වෙද්දිත් තමන්ගෙ ආසනය විදිහට තෝරගෙන තිබුණේ ටේහ්‍යොන්ග්ගේ ඔඩොක්කුව. ඒ මදිවට මාමලා දෙන්නගෙ පුංචි උන් එක්ක දඟලන ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ ඔඩොක්කුව උඩ නිතරම එහා මෙහා වෙන්න ගත්තෙ ටේහ්‍යොන්ග්ව ලොකු අපහසුතාවයකට පත් කරවලා.

"සුදු බබා දඟලන්නෙ නැතුව ඉන්න.. නැත්නම් ටේහ්‍යොන්ග් අයියගෙ ඇඟෙන් බැහැලා මේ කොට්ටෙ උඩින් ඉඳගන්න." ඒ වෙද්දි කසාද ජීවිතේ ගැන යම් ප්‍රමාණයකට අත්දැකීම් ලබලා තිබුණු මින්හි ටේහ්‍යොන්ග්ගේ දාඩියත් දාලා තියෙන මූණ දිහා බලලා එහෙම කිව්වම ජන්ග්කුක් මොහොතකට දඟලන එක නවත්තලා ටේහ්‍යොන්ග්ගේ පපුවට හේත්තු වුණා.

ඒත් ඉතින් ජන්ග්කුක් කියන්නෙ එක විදිහකට වැඩි වෙලාවක් ඉන්න පුළුවන් කෙනෙක් නොවුණු නිසා ඒ ගමන පුරාවටම ටේහ්‍යොන්ග්ට සිද්ද උනා තමන්ගෙ හැඟීම් පාලනය කරගෙන ඉන්න. ටේහ්‍යොන්ග් කීපවතාවක්ම උත්සාහ කරා ජන්ග්කුක්ව ටිකක් ඉස්සරහට කරවලා කකුල් උඩින් ඉන්ඳවගන්න.. ඒත් ආයෙ ආයෙමත් ජන්ග්කුක් පිටිපස්සටම වෙලා හරියටම ටේහ්‍යොන්ග්ගේ සාමාජිකයා උඩින්ම ඉඳගනිද්දි ටේහ්‍යොන්ග් ඒ උත්සාහය අතෑරලා දැම්මා.

සඳසාවි නුඹ මගේ ||Taekook|| [Completed]Where stories live. Discover now