Chapter 2

1.5K 247 214
                                    

"ඒත් ටේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඒත් ටේ.. උඹට අපේ ගෙදර ඉන්න පුළුවන්නෙ බං?"

"මං ඉද්දි උඹටයි යුමීටයි කරදරයිනෙ ජිමිනා.. උඹලගෙ අප්පච්චිත් අසනීපෙන්. අනික පොඩ්ඩටත් සැර කරනවා උඹලා පුංචි එකා මං පස්සෙන්ම නිසා."

"එහෙනම් අපේ අයියලගෙ ගෙදර?"

"අයියලගෙ ගෙදරත් පොඩි උන් දෙන්නෙක්ම ඉන්නවනෙ.. මාත් ගියාම තවත් කරදරේනෙ බං. අනික උඹ වදවෙන්න එපා.. මට තනියෙන් ඉඳලා පුරුදුයි."

"ඒත් ටේ.. මගෙ හිතට හරිමදි."

"මගෙ මනසට සැහැල්ලුවක් තනියෙන් ඉන්න එක.. මට හොඳ සිංදු දෙක තුනක්ම ලියාගන්නත් පුළුවන් වෙයි එහෙම උනොත්." ටේහ්‍යොන්ග් කිව්වම ඒ අදහස සලකලා බලපු ජිමින් ඔවුන්ට අයිති වෙලා තිබුණු පුංචි ගෙදරක ටේහ්‍යොන්ග්ට තනියම ජීවත් වෙන්න ඉඩදෙන්න තීරණය කරා.

ගම කෙලවරකට වෙන්න පිහිටලා තිබුණු ඒ හුරුබුහුටි කුඩා නිවස ජිමින්ගෙ අයියා උනු ජින්ට සිය බිරිඳගෙන් දෑවැද්ද විදිහට ලැබුණු ත්‍යාගයක් වුණා.

ජිමින්ගෙ කැමැත්ත ලැබුණට පස්සෙ ටේහ්‍යොන්ග් සිය ඇඳුම් පැළඳුම් ඇතුලු අනෙකුත් ආම්පන්න රැගෙන ඔහුට තාවකාලිකව අයිතිය ලැබෙන ඒ හුරුබුහුටි නිවසට පැමිණුනා. ටේහ්‍යොන්ග් සතුව මෝටර් රථයක් තිබුණත්, ගම්බද පළාතක් උනු එහි මාර්ග තවමත් නිසිලෙස නිමවා නොතිබුණු හෙයින් ටේහ්‍යොන්ග් සිය මෝටර් රථය ජිමින්ගෙ නිවසෙහිම දමා ඒමට තීරණය කලා. ඔහු සතුව කැමරාවක් සහ දුරකථනයක් තිබුනු නමුත් නොදියුණු පලාතක් උනු එහි දුරකථන සංඥා ගමනාගමනය දුර්වල වූ හෙයින් ඔහුට ඇමතුමක් ලබාගැනීමට අවශ්‍ය නම් ගම්මානයෙන් ටිකක් ඈතට වෙන්න පිහිටි ළඟම නගරබද පෙදෙසට යාමට සිද්ද වුණා.

සඳසාවි නුඹ මගේ ||Taekook|| [Completed]Where stories live. Discover now