Chapter 1

1.4K 266 200
                                    

"සුවපත් වේවා!" ස්වාමීන් වහන්සේ හට වැඳ නමස්කාර කල ටේහ්‍යොන්ග් ජිමින් සමඟින් පසෙකින් සිටගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"සුවපත් වේවා!" ස්වාමීන් වහන්සේ හට වැඳ නමස්කාර කල ටේහ්‍යොන්ග් ජිමින් සමඟින් පසෙකින් සිටගත්තා.

"මහත්තයා ගොඩ කාලෙකින් නේද?"

"හාමුදුරුවන්ට මාව මතකයිද?"

"මොකදෑ මට අමතක නොවෙන්නෙ? මහත්තයා කලින් පාරත් පොඩි ඉස්කෝලේ මහත්තයා එක්ක කීපවතාවක්ම පන්සලට ඇවිල්ලා ගියා නොවැ."

"එහෙමයි.."

"මහත්තයා ආයෙමත් ආවෙ නිවාඩුවකට වෙන්නැති."

"එහෙමයි හාමුදුරුවනේ.. ටිකක් කල් ඉන්න හිතන් මං මේ පාර මෙහෙට ආවෙ."

"කොහොමත් ඔය මහත්තයා මේ ගමේ රැඳේවි කාලයක්. එහෙනම් ආයෙමත් සැරයක් පන්සල පැත්තෙ ඇවිල්ලා යන්නකෝ." මඳ සිනහවක් සමඟින් එසේ පවසපු පන්සලේ ලොකු හාමුදුරුවෝ හාන්සි පුටුවෙන් නැගිටලා ආවාස ගෙය තුලට නික්මුණා.

"පුදුමයි ලොකු හාමුදුරුවන්ට මාව මතක තිබ්බා වත්."

"මේ ගමේ හැම එකාම මතකයි ලොකු හාමුදුරුවන්ට. අනික උඹටත් තාම මහලොකු වයසක් පේන්නෙ නෑනෙ.. තාමත් එදා හිටපු හැන්ඩි කොල්ලම තමයි." ජිමින් කිව්වම ටේහ්‍යොන්ග් හිනාවෙලා ජිමින්ගෙ කරට උඩින් අතක් දාගත්තා.

"උඹත් එදා හිටපු කොට ජිමිනම තමයි." ටේහ්‍යොන්ග් කියද්දි ජිමින් වැලමිට උස්සලා ටේහ්‍යොන්ග්ගේ බඩට ඇන්නා.

"ආහ්.." ටේහ්‍යොන්ග් බඩත් අල්ලගෙන නැමෙද්දි ජිමින් හිනාවෙලා ආයෙමත් ටේහ්‍යොන්ග්ගේ කරට අත දාගත්තා.

"ඕයි.. අන්න මින්හි. යමං අපි කෙල්ල එක්කම එහෙ යමු." පහන් වැට ගාව පහන් පත්තු කරමින් හිටපු සුන්දර තරුණියව පෙන්වපු ජිමින් එසේ පවසද්දි ටේහ්‍යොන්ග්ගේ අවදානය ඒ වෙතට යොමුවුණා.

සඳසාවි නුඹ මගේ ||Taekook|| [Completed]Where stories live. Discover now