Chapter 4

1.1K 241 196
                                    

TK 📅

නහර පිරුණු ශක්තිමත් දිගු දෑත් වලත්, පුළුල් පපුතුරෙහිත් උණුසුමට ගුලි වී සිටින ජන්ග්කුක් වේගයෙන් හුස්ම ගන්න ගමන්ම දෙනෙත් ඔසවලා ටේහ්‍යොන්ග් දෙස බැලුවා.

බියෙන් පිරී තිබුණු දෙනෙත් සැනසීමේ සේයාවකින් පිරිලා යද්දි ටේහ්‍යොන්ග්ද ඒ කලබලයෙන් පිරුණු රවුම් දෑස් වෙතට නැඹුරු වුණා.

"මං කිව්වනෙ පරිස්සමෙන් කියලා."

"මං... ආආආ.. රිදෙනෝ.." පියවි සිහියට ආවට පස්සෙ තමයි ජන්ග්කුක්ට දැනුනෙ එක් දණහිසක් වේදනාවෙන් ඇදුම් කන බවක්.

"කොහෙද රිදෙන්නෙ?" ටේහ්‍යොන්ග්ගේ ඇස් කලබලයෙන් ජන්ග්කුක්ගෙ සිරුර පුරා ඇදුනා.

"අහ්! කකුල ටිකක් සීරිලා."

එක දණිස්සක් සීරිලා රතුපාටින් ලේ ගලනවා දැක්කම ජන්ග්කුක් හයියෙන් අඬන්න ගත්තා.

"ඒයි මොකද මේ.. රිදෙනවද?" ජන්ග්කුක් එක්කම බිමින් ඉඳගත්තු ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව ඔඩොක්කුවෙන් වාඩිකරවගෙන ටිකක් තුවාල වෙලා තියෙන දණිස්ස බලන ගමන් ඇහුවම ජන්ග්කුක් ඔව් කියලා ආයෙමත් නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා.

"ඉතින් රිදෙන්නෙ නැත්නම් අඬන්නෙ?"

"අක්කි අඬයි දැන්.." ඉකිගහන ගමන්ම ජන්ග්කුක් කියද්දි ටේහ්‍යොන්ග්ගේ දෙතොල් අතරට මද සිනහවක් නැගුණා.

"එතකොට ඔයා මේ අඬන්නෙ තුවාලෙ රිදෙන නිසා නෙවෙයි මින්හි තුවාලෙ දැක්කම අඬයි කියලා බයටද?" ටේහ්‍යොන්ග් ඇහුවම ජන්ග්කුක් ඔලුව වැනුවා.

සඳසාවි නුඹ මගේ ||Taekook|| [Completed]Where stories live. Discover now