Chapter 5

1.1K 254 129
                                    

අසිපත අතගත් අසරුවා සෝරෝ (සෝරෝ සෝරෝ)
සවිමත් බලවත් අසිපත සෝරෝ (සෝරෝ සෝරෝ)
අඳුරෙන් මතුවෙන ලෙල දෙන අසිපත...
අසරණ මිතුරන් මුදවන අසිපත සතුරන් පරලොව පලවන අසිපත අසි අසි....!!

"සුදු බබා එන්ඩෝ.. සෝරෝ පටන් ගත්තා." අවුරුදු අටක විතර පුංචි එකෙක් බෙරිහන් දුන්නම ගේ ඇතුලෙ හිටපු ජන්ග්කුක් කඩාගෙන බිඳගෙන සාලෙට දුවගෙන ආවා.

"ආආ.. තව පොඩ්ඩෙන් කකුලත් කැඩෙනවා." හති දාන ගමන්ම ජන්ග්කුක් ඇවිත් දිග පුටුවෙ එකට ගුලිගැහිලා ඉන්න පොඩි උන් මැද්දෙන් ඉඳගත්තා.

"මටත් සෝරෝ වගේ අයියා කෙනෙක් ඕනෙ." කාටුන් එකේ විරාමයක් අතරෙ පොඩි කෙල්ලෙක් එහෙම කිව්වම ජන්ග්කුක් ඔලුව වැනුවා.

"මටත්.."

"සුදු බබාට අයියලා දෙන්නෙක්ම ඉන්නෝනෙ. මට තමයි එක්කෙනෙක් වත් නැත්තෙ." තව පොඩි එකියක් කිව්වම ජන්ග්කුක් තොල් උල් කරගත්තා.

"ඒ උනාට සෝරෝ වගේ අයියා කෙනෙක් නෑනෙ."

"ශ්ශ්.. සද්දෙ නවත්තන්න.. මට ඇහෙන්නෙ නෑ." ජන්ග්කුක්ගෙ එහා පැත්තෙන් ඉඳගෙන හිටපු කොලු පැටියා තුන්දෙනාටම රැව්වම ජන්ග්කුකුයි පොඩි කෙල්ලො දෙන්නයි කටපියන් ආයෙමත් කාටුන් එකට අවදානය දුන්නා.

සාමාන්‍යයෙන් වෙද ගෙදර හවස් වරුව ගත උනේ ඔය විදිහට. හැම ගෙදරකම TV එකක් තිබුනෙ නැති නිසත්, TV තිබුණු ගෙවල් වලිනුත් කාටුන් බලන පිස්සුව වැඩියෙන්ම තිබුනෙ ජන්ග්කුක්ට නිසාත්, වෙද ගෙදර ඈයො නපුරු මිනිස්සු නොවුණු නිසාත් ගමේ පුංචි උන් ගොඩ දෙනෙක් හැමදාම හවසට ජන්ග්කුක් එක්ක කාටුන් බලන්න වෙද ගෙදරට එකතු වුණා. ජාතික රූපවාහිනියෙ විකාශනය උනු ටයි මාමගෙ කාටුන් බලලා ඉවරවෙලා මින්හි හදලා දෙන රස කැවිලි මොනවහරිත් එක්ක තේ බීලා රෑ වෙනකම්ම ජන්ග්කුක් එක්ක සෙල්ලම් කරලා තමයි පොඩි උන් ටික තම තමන්ගෙ ගෙවල් වලට යන්න පුරුදු වෙලා හිටියෙ.

සඳසාවි නුඹ මගේ ||Taekook|| [Completed]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ