2 chapter

44 9 13
                                    

"ඒ බන් උබේ බබා!! "

Hoshi මාව හොල්ල හොල්ල මොන මොනවදෝ කියනවා ඇහුනත් , මම තාමත් ඒ ඇස් අස්සේ හිර වෙලා .

ඔව් ඒ ඇස් තවමත් ඒ වගේමයි ..

ලස්සනයි ...හැමදාමත් වගේ මාව හිර කරන්න ඒ ඇස් වලට තවමත් පුලුවන් ..මොන තරම් අපි දුරක හිටියත් ඒ ඇස් ඒ වගේම මාව නතර කරනවා ..

"Excuse me චෙරි , mr.Joon ඔයාට කතා කරන්න කිව්වා ."

අපේ class එකේ කෙල්ලෙක් මාව හොල්ලල කියද්දි අකමැත්තෙන් වුනත් ඒ ඇස් වලින් ඇස් අහකට ගත්ත මම හිමීට ඔලුව වනලා class එකට ගියේ mr.Joonට මම මොනවා නැතත් ගරු කරන නිසා ...ඒත් මොකද්ද හදිස්සිය දැන් තියෙන්නේ teacher aunty ගේ පන්තියනේ ..

Haoත් මගින් හැරිලා ගියේ එයා වෙන පන්තියක නිසයි ..මායි hoshi පන්තියට යද්දි mr.Joon හිටිය නිසා කෙලින්ම එතනටම ගිහින් හිටගත්තා ...

"මේ ආවේ ඩබල ..කෝ අනික් ?? "

"එයාට දැන් වෙන class එකක් professer"

Mr.Joon හිනාවෙලා අහද්දි , අපි දෙන්නත්
හිනාවෙලාම උත්තර දුන්නේ , අපි මේ uni එකේ කොච්චර ප්‍රසිද්ධද කියලා හිතන ගමන් ..

"මේකයි මේ පාර Uni එකේ Moon & star event එකේ වැඩ බාර වෙලා තියෙන්නෙ මට , ඉතින් මට ඔයාලගේ උදව් ඕන ..ගිය පාර ඔයලගෙන් Moon & Star හොයද්දි මට senior ලගෙන් ලැබුන උදව් ඔයාලගෙනුත් ලැබෙයි කියලා මම හිතනවා .."

"ඒක මේ පාරත් තියෙනවනේ ,මට අමතක වුනා .."

Mr.Joon කියද්දි , මම ඔලුව වැනුවේ මේ පාර junior ගොඩේ මගේ මැනිකත් ඉන්නවා නේද මතක් වෙලා .Hoshiටත් ඒකම මතක් වෙලාද මන්දා කැත කිඩියක් මට දැම්මා ..

"ගිය පාර seung ඔයාට වුනා වගේ කිසිම රන්ඩුවක් වෙන්න බෑ තේරුනානේ ??

Mr.Joon බැරෑරුම් මූනකින් කියද්දි මාත් හිමීට ඔලුව වැනුවා ..

ඇත්ත ගිය අවුරුද්දේ Moon වුනෙ මම , කෙල්ලෝ Star වුන කෙල්ලට event එක ඉවර වුනාට පස්සේ ගහලා තිබ්බා..මම හිතුවා ඒ ප්‍රශ්න නිසා event එක තියන එකක් නෑ කියලා ..

මගේ මැනික ලග ඉන්න මට chance එකක් ලැබෙනවා .!!!

"ඔහ් තව පොඩ්ඩෙන් මට අමතක වෙනවනේ මේ මාස දෙකේ ඔයටයි ඔයාගේ යාලුවෝ දෙන්නටයි hostel එකේ තමා ඉන්න වෙන්නේ ..මම අප්පයි , ඔම්මටයි කියන්නම්..ඕකේ ??"

Cutie pie ❤️ [Complete]Where stories live. Discover now