15 chapter

17 7 0
                                    

"හියුන්ග් !! අනේ හියුන්ග් නවත්තන්න ප්ලීස් මට තවත් බෑ !! හියුන්ග් !! "

චෙරීගේ කාමරේ ලගින් යනගමන් හිටිය ඩෙක්යොම්ට ඇහුනේ එයාගේ හියුන්ග් වුන jeonghanගේ හිනා සද්දය.

දරාගන්න බැරි තරන් සැකයක් හිතට එද්දි , අතේ තිබුන පොත් ටිකත් තුරුල් කරගෙනම දොරට හේත්තු වෙන ගමන් කන තිබ්බේ ඇතුලේ වෙන දේවල් වල තේරුම් ගන්න පුලුවන්ද බලන්න.

සාක්කුවට අතත් දාන් ෆෝන් එක ඔබන ගමන් කාමරේට යන්න ආව ජෝශු දැක්කේ , චෙරිගෙ කාමරේ දොරට හේත්තු වෙලා කන දොරට තියන් ඉන්න ඩෙක්යොම්ව ..

"මොකද කරන්නේ ??"

ඩෙක්යොම්ගේ පිටිපස්සෙන් ගිහින් කන ලගට නැමුනු ජෝශු සන්සුන්ව අහද්දි , හියුන්ගේ අවදානෙන් හිටිය ඩෙක්යොම් බය වුන පාර ගැස්සිලා දොරේ අනිත් පැත්තට හේත්තු වුනේ , බය වුන පාර කෑ ගහ ගන්නවත් බැරි වෙද්දි ..

දොරේ අනිත් පැත්තට බර වෙලා ඇස් දෙකත් ලොකු කරන් ජෝශු දිහා බලන් ඉන්න ඩෙක්යොම් පපුව අල්ලන් හුස්ම ගන්න උත්සහ කරේ ජෝශුත් එක්ක කතා කරන්න වචන ඇහිදින ගමන්.

"ඕප දූප හොයන එක හොද වැඩක් නෙවෙයි "

ඩෙක්යොම් දිහා බලන්ම අත් දෙක පපුව ඉස්සරහ බැදගත්ත ජෝශු අහද්දි , ඩෙක්යොම් ඇස් කරකවලා අහක බලා ගත්තේ ජෝශු පොඩියට හිනා වෙලා ඔලුව ගසද්දි .

"මගේ හියුන්ගේ දේවල් ගැන දැන ගන්න එක මගේ අයිතියනේ ..කොහොමද කියන්නේ මගේ හියුන්ග් ඔයාගේ හියුන්ග් එක්ක සේෆ් කියලා අහ් ??"

"එක සහතික කරන්න නම් මන් දන්නේ නෑ .."

"මෙන්න මෙහෙ එන්න හියුන්ග් "

ජෝශු ලගට ආව ඩෙක්‍යොම් ජෝශුව ඇදලා දොර දිහාට කන හරවද්දි , හදිස්සියේ වුන දෙයක් නිසා ජෝශු ඩෙක්යොම්ගේ ලන් වෙලා තියෙන මූන දිහා බලන් හිටියේ පුදුම වෙලා වගේ..

ඒ ලන් වෙලා තියෙන මූන දකිද්දි , ජෝශුට දැනුනේ තමන්ගේ හුස්ම ඉහල පහල යන විදිහ වෙනස් වෙනවා වගේ.
පපුව අතකින් මිරික ගත්ත ජෝශු , දොරට අවදානේන් ඉන්න ඩෙක්යොම්ගේ මූන දිහා දිගටම බලන් හිටියා..

Cutie pie ❤️ [Complete]Where stories live. Discover now