16 chapter

25 7 0
                                    

විනාඩියක්.. දෙකක් විතර යද්දි Jeonghanගෙන් උත්තරයක් ලැබෙන බවක් පෙන්න තිබ්බේ නෑ ..වට පිටාවත් එක්ක නිශ්ශබ්ද වෙලා යද්දි ,කලබල වෙලා තියෙන චෙරිගේ හදවත හරි වේගෙන් ගැහුනා ..

කදුලු පුරවන් චෙරිගේ මූන දිහා බලන් හිටිය jeonghan හිමිට ඔලුව උඩට පහලට කරද්දි , චෙරිගේ වේගෙන් ගැහෙන හදවත තව ටිකක් වේගවත් වෙද්දි.

Jeonghan හිමීට අත ඉස්සරහට ගේද්දි , චෙරි වෙව්ලන අත් වලින් පොඩි දියමන්ති පේලියක් අල්ලලා තිබ්බ රින්ග් එකක් jeonghanගේ වෙදගිල්ලට දැම්මා .

හැමෝගෙම අත්පොලසන් මැද චෙරි jeonghanව තද කරලා බදාගනිද්දි , චෙරිගේ පපුව ගැහෙන වේගේ jeonghanට දැනුනේ නෑ කිව්වොත් ඒක බොරුවක් ..

"කිස් !!! කිස් !!! කිස් !! "

Uni එකේ ලමයි කෑ ගහනකොට jeonghan ටික ටික රතු වෙන්න ගත්තේ චෙරී ඒ දිහා බලන් හිමීට හිනාවෙද්දි..

Jeonghanව රතු කරලා පුපුරන්න බැරි නිසා නලලට පෙක් එකක් තියලා චෙරි ඈත් වුනේ මුලු uni එකේම බලාපොරොත්තු සුනු විසුනු කරලා.

____________________

One years later .

Jeonghanගේ graduate වීමෙන් පස්සේ චෙරිගේ වගේම jeonghanගේ වෙඩින් එක ජොශු වගේ ඩෙක්යොම් ඇරෙන්ජ් කරේ චෙරිගේ ඔම්මාගේ සහ අප්පගෙත් උදව් ඇතුවමයි.

ගෝල් කලර් එකෙන් ඇරේන්ච් කරලා තිබ්බ චර්ච් එකේ අල්තාරේ උඩ හිටන් හිටිය චෙරි කකුල සැරෙන් සැරෙ පොලොවට තට්ටු කරේ අතේ ඇගිලි එක්ක සෙල්ලම් කරන ගමන්.

චෙරි ගොඩක් කලබල වෙලා ..සන්සුන්ව ඉන්න චෙරි අද ගොඩක් කලබල වෙලා.

කොහොම හිතාගන්නද හයිස්කූල් කාලේ ආදරේ කරපු කෙනාම අද තමන්ගෙම වෙනවා කියලා ..

ඩෙක්යොම්ගේ සහ ජෝශුගේ මැදිහත්වීමෙන් වෙලා තිබ්බ සැරසිලි ගොඩක් නීට් එකටම තිබ්බා.

වයිට් කලර් එකෙන් ඩ්‍රෙස් වෙලා හිටිය චෙරි දිහා හැමෝම වගේ බලන් හිටියේ හරිම ආසාවෙන්.

චෙරිගේ නෑදෑයෝ ,uni යාලුවෝ මුලු චර්ච් එක පිරෙන්නම හිටියා.

හැමතැනම දුවමින් තිබ්බ චෙරිගේ ඇස් පල්ලියේ ප්‍රධාන දොර වෙතට යොමු වුනේ 'ක්‍රීක්' හඩ නංවමින් ඒ දොර ඇරෙන නිසා.

Cutie pie ❤️ [Complete]Donde viven las historias. Descúbrelo ahora