9 chapter

34 7 12
                                    

"ම්ම්ම් ~"

"ඔහ් හියුන්ග් ඔයා නැගිට්ටද ??"

උදෙන්ම නැගිටපු jeonghan කුස්සියට ගියේ , චෙරිට උදේ කෑම හදන් එන්න. ඒ එද්දිම වගේ චෙරි ඇස් අරින්නේත් නැතුවම කෙදිරි ගෑවේ ,jeonghan කෑම එක බෙඩ් ටේබල් එකෙන් තියලා චෙරි ලගට එද්දි. ඇගේ රස්නේ චෙක් කරලා චෙරිව කෙලින් කරන් බාතෘම් එකට එක්කන් ගිහින් මූන කට හේදුවත් චෙරිට තවමත් ඇගේ අමාරුව තිබුනා..

ඇදෙන් ඉන්දලා කෑම එක පරිස්සමට කවපු jeonghan , උදේ වරුවේ බේත් ටික දීලා ආයේ චෙරිව ඇදේ ඇල කරේ ටිකක් නිදාගන්න කියන්න ..ඒත් චෙරි තවමත් jeonghanගේ මූන දිහා බලන් ඉන්න නිසා , jeonghanට අපහසුවක් දැනුනා.

"හියුන්ග් තව ටිකක් නිදාගන්න ම්ම්ම්?? හවස් වෙද්දි ඇගේ අමාරුව ඇරිලා යයි "

"Jeonghan ??"

"හ්ම්ම් ??"

"කොහොමද දන්නේ මම මෙහෙ කියලා ??"

"මට ජොශු කිව්වා හියුන්ග් ..ඒත් කොහොමද හියුන්ග් එක පාර අසනිප වුනේ ??හොදට හිටියනේ ??"

"දන්නේ නෑ ..මම රෑට නාන නිසාද දන්නේ නෑ ."

"එතකොට ඔම්මලා ??"

"එයාලා tour එකක් ගිහිල්ලා .පොඩ්ඩක් ඉන්න , ඔයාට අද morning classනේ ??"

"කමක් නෑ හියුන්ග් මට hyunjin note දාන්නම් කිව්වා "

"ඒත් -"

"දැන් ටිකක් නිදාගන්න හියුන්ග් අපි පස්සෙ කතා කරමු හාද ??"

Jeonghan නැවිලා බ්ලැන්කට් එක හදන ගමන් කියද්දි චෙරි පොඩි එකෙක් වගෙ ඔලුව වැනුවා..

At.13.45

Uni වැඩත් ඉවර කරලා , ගිටර් එකත් ටිකක් පුරුදු වුන jeonghan වෙලාව බලලා දඩබඩ ගාලා කුස්සියට ගියේ දවල්ට චෙරිට මොනාහරි කන්න දෙන්න . ඒ යද්දිත් චෙරි කුස්සියට වෙලා ඉදන් මොනාද හදනවා ..

"හ්-හියුන්ග් , මොකද මේ කරන්නේ ගිහින් ටිකක් රෙස්ට් කරන්න "

"අනී අනි දැන් මට හොදයි , බලන්න මගේ ඇග රස්නෙත් නෑ .."

චෙරි jeonghan ගේ අත එයාගේ නලලින් ,බෙල්ලෙන් තියන ගමන් කිව්වත් jeonghanනම් චෙරි ඇදෙන් නැගිට්ට එකට ඒ තරම් සතුටින් හිටියේ නෑ ..

Cutie pie ❤️ [Complete]Where stories live. Discover now