14 chapter

20 6 2
                                    

"Jeonghan "

පිටිපස්සෙන් ඇහුන කට හඩක් නිසා චෙරි වගේම jeonghanනුත් හැරුනේ ,ඊලග තත්පරේ චෙරීගේ අත්වලින් මිදුන jeonghan ,කට හඩ අයිති පුද්ගලයගේ කොලර් එකට අත් වලට හිරවෙද්දි ..

"Jeonghan පු-පුතේ "

"තමුන් ආවේ මගේ ඔම්මා මැරුනද බලන්නද !!?? එහෙනම් බලනවා ..තමුන්ට ඕන දේම වුනානේ සතුටුයිනේ !! .."

"Jeonghan සන්සුන් වෙන්න ,ඔය මනුස්සයගේ කොලර් එක අත අරින්න .."

"නෑ හියුන්ග් ඔයාට බෑ මේකට මැද්දට පයින්න ..මේ මනුස්සයා සිකරට් බිව්වේ නැත්තන් තවමත් මගේ ඔම්මා පනපිටින්.."

"මියානේ මගේ දරුවෝ "

"දැන් සමාව ඉල්ලලා මොනාද බලාපොරොත්තුවෙන්නේ ..මගේ ඔම්මවද අහ්!! කියනව !! "

ඒ මනුස්සයාගෙ කොලර් එකේ එල්ලිලා කෑ ගහන jeonghanව වාරු කරගත්ත චෙරි පුදුමෙන් වගේ බලන් හිටියේ , ඒ පුද්ගලයත් jeonghan ලග දනගහද්දි ..

චෙරිගෙ අත ගසලා දාපු jeonghan ලොකු හුස්මක් අරන් වැව් බැම්මට හේත්තු වුනේ ඒ පුද්ගලයා එයාගේ අප්පා නොවුනනම් මොනාද නොකරන්නේ කියලා හිතන ගමන්..

"මෙතනින් යන්න ප්ලීස් "

වැව දිහා බලන ගමන් Jeonghan මිමිනුවේ තමන්ගේ තරහා පාලනය කරගන්න උත්සහ කරන ගමන් ..

"මියානේ මගේ දරුවෝ , මම බාරගන්නවා ඒක මගේ වැරැද්ද ..මට ඕන වුනේ සමාව ගන්න ..මට සමාව දෙන්න මගේ පුතේ "

බිම වැටිලා අඩන jeonghanගේ අප්පා දිහා හැගීම් රහිතව බලන් හිටිය චෙරි , jeonghan දිහාට හෙලුවෙත් ඒ හා සමානම හැගීමක්..

"Jeonghan -"

"මම සමාව දුන්නොත් මෙතනින් යනවද ?? "

"මම පොරොන්දු වෙනවා , ආයේ මගේ පුතාගේ ඇස් ඉස්සරහටවත් මම එන්නේ නෑ .."

චෙරි jeonghanට කතා කරන්න උත්සහ කලත් , jeonghanගෙ ප්‍රශ්නෙට චෙරි කෙලින්ම බැලුවේ jeonghanගේ අප්පා දිහා ..

"හරි එහෙනම් ..මම සමාව දෙන්නම් දැන් මෙතනින් යන්න ..අඩුම අපේ කිසිම සම්බන්දයක් මෙතනින් එහාට තියෙන්න බෑ .."

වැවෙන් ඇස් අරන් එක එල්ලේ අප්පාගෙ පැත්ත එල්ල වෙල ගමන් කිව්වේ ,චෙරිත් මොකද වෙන්නෙ කියලා නිශ්ශබ්දව බලන් ඉද්දි ..

Cutie pie ❤️ [Complete]Where stories live. Discover now