episode 4 - මට මේ මොනවා වෙලාද?🥲

32 4 8
                                    

🐯 " ජංග්කුකා උඩ studio එකේ අපේ හියුන්ග්ල ඉන්නවා උබ පලයන් මන් එන්නම්".

එහෙම කියපු ටේ ඔප්පා ජන්ග්කුක් ඔප්පව studio එකට යවලා මගේ පැත්තට හැරුනා.
හපොයි මේ මොකද මගේ හාට් එක අසූ හාරදාහට ගැහෙනවා.  දැන්නම් දාඩියත් දානවා වගේ.🥲 මේ සිලූ මාව මෙතන තනියම දාලා මොන මගුලෙ ගියාද මන්දා. මෙන්න ඒ ගමන් ටේ ඔප්පා කටකොනේ playfull හිනාවකුත් දාගෙන  මගේ පැත්තට එනවා. ඔහ් ගෝඩ්,🥲 දැන්නම් මට චූ බරකුත් එනවා වගේ.
ටික ටික මගේ ලගට ලං වුන ටේ ඔප්පා මගේ මූනට ටික ටික පාත් වුනා. අපි දෙන්නා අතර තිබ්බෙ සෙන්ටිමීටරයක් තරන් හරිම සුලු පරතරයක්.

ඊට පස්සෙ ටේ ඔප්පා......................
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
------------------------------------------------------------

Tae pov 🐯

🐯 මමයි හියුන්ග්ලයි හැමෝම studio එකේ ඉන්නකොට ජිමිනත් ආවා. හ්ම්ම් දැන් මෙතන්ට අඩු ජංග්කුකා විතරයි. එයත් එනකන් අපිට මුකුත්ම කතා කරගන්න බෑනේ.
අපේ ඊලග poformance එක ගැන කතා කරගන්න අපි හැමෝම අද එකතු වෙන්වයි කියලා අපේ නංගිලා ඉස්සරහ කිවුවට ඇත්තටම අපි එකතු වුනේ වෙන දෙයක් ගැන කතා කරගන්න. එක කතා කරගන්න නම් ජංග්කුකා ඉන්නම ඕනෙ. අපිට අපේ නංගිලාට බොරු කියන්න වුනා. මොකද එයාලා මේ කතාව අහපු ගමන් ගොඩාක් දුක් වෙනවා කියන්න අපි හොදටම දන්නවා. 🥺 මොකද එයාලා ඒ තරමටම අපිට ආදරෙයි. එයාලා පිටට පේන්න අපිත් එක්ක රන්ඩු වුනාට එයාලා අපිට මහා ගොඩක් ආදරෙයි කියන්න අපි හොදටම දන්නවා. 🥺 ඒ නිසා අපිට අපේ නංගිලාට බොරු කියන්න වුනා. 😔

මන් ඉතින් ඕවත් හිත හිත ඉන්නකොට වාහනයක් හෝන් කරන සද්දයක් ඇහුනා. අහ්  ජංග්කුකා වෙන්න ඇති.

🐯 " හියුන්ග් මන් හිතන්නෙ ජංග්කුකා වෙන්න ඇති. මන් ගිහින් බලලා එන්නම්."

මන් හියුන්ග්ලටත් එහෙම කියලා පහලට ආවෙ ජන්ග්කුකාව එක්කන් එන්න.

හිතුව වගේම හරි. ජන්ග්කුකා තමයි. මන් පහලට යනකොට අපේ නංගි living room එකේ හිටියෙ නෑ. ජිමිනගෙ නංගියි, යුන්ගි හියුන්ග්ගෙ නංගියි විතරයි හිටියේ.

මෙ යුන්ගි හියුන්ග්ගෙ නංගිව දැක්කාම මට අමුත්තක් දැනෙන්නෙ ඇයි.🤔 මොකද්ද එයගෙ නම......🤔 ආ නවෝ. මට නවෝව දැක්කාම හිතට අමුත්තක් දැනෙනවා. ඒ ඇයි කියන්න මමවත් දන්නේ නෑ. එයා ලගින් ඉන්නකොට මට සතුටුයි. එයාව නිතරම දකින්න හිතෙනවා.
ආහ්....😫 මට මොන මගුලක් වෙලාද මන්දා. ඇයි මට එයා ගැනම හිතෙන්නෙ.😫
ඔය විකාර හිතන එක නවත්තනවා ටේ. ආපු වැඩේ කරනවා.

Saranghae ❤Where stories live. Discover now