episode 6 - ඇයි මට බොරු කිවුවේ 🥺

31 4 5
                                    

🐷 " චූටි...🥺 අනේ මැණික ලොකූ කියන දේ ටිකක් අහන්න මැණික.  ඔහොම අඩන්න එපා රත්තරං ඔයා ලෙඩ වෙයි. "🥺

ඔව් ඒ ආවෙ ජින් ඔප්පා. එයා එහෙම කිය කිය ටික ටික කවීට ලං වුනා. මම නවෝට ඔලුවෙන් එලියට යන් කිවුවේ කවීටයි ජින් ඔප්පටයි ටිකක් තනියම ඉන්න දෙන්න ඕනෙ නිසා. මන් කියපු දේ තේරුම් අරන් නවෝ මාත් එක්කම රූම් එකෙන් එලියට ආවෙ කවීවයි ජින් ඔප්පවයි රූම් එකේ තනි කරලා.
------------------------------------------------------------
Kavi pov

💛 මමයි සිලුයි ඔප්පලාට cool drinks   ටිකත් අරන් ඔප්පලා ඉන්න studio එකට ගියා. එවෙලේ ඔප්පලා කතා වුන හැමදේම වගේ අපිට ඇහුනා. ඒ ඇහිච්ව දේවල් තේරුම් ගන්න මටයි සිලූටයි වැඩි වෙලා ගියෙ නෑ. අපි දෙන්නගෙම ඇස් වල කදුලු පිරුනේ බලන් ඉද්දිමයි. මෙච්චර ලොකු දෙයක් ඇයි එයාලා අපෙන් හැන්ගුවේ. ඇයි එයාලා අපිට බොරු කිවුවේ. 😣 මට ඉවසන් ඉන්න බැරිම තැන මන් දොරත් ඇරගෙන ඇතුලට ගියා. සිලුත් මගේ පස්සෙන් ඇතුලටම ආවා. අපි ආපු ගමන් ඔප්පලා බය වෙලා ඉන්න තැන් වලින් නැගිට්ටෙ හරියට flash වගේ. මන් එහෙම්මම ඇස් වල කදුලුත් පුරෝගෙන බලන් හිටියේ අපේ ලොකූ දිහා.
ඔයා ඇයි මට බොරු කිවුවේ ලොකූ 😣 ඔයා දන්නව බොරු කියනව කියන එක මන් අකමැතිම දෙයක් කියලා එහෙම තියෙද්දිත් ඔයාම මට බොරු කිවුවේ ඇයි ලොකූ 😣
මන් මගේ හිතින්ම එහෙම ලොකූගෙන් ඇහුවේ ලොකූ මගේ දිහා බලන් ඉද්දිමයි.
මගේ අත් වෙවුලනවා. ඒ දුකටද කේන්තියටද කියන්න මට තේරෙන්නෙ නෑ. මන් හුස්ම ගත්ත වේගෙ මටවත් හිතාගන්න බෑ ඒ තරන් හයියෙන් මන් හුස්ම ගත්තේ. මගේ කටින් හීනියට ඉකි බිදින්න පටන් ගත්තා. එවෙලේ ලොකූ මට කතා කරත්  මට තවත් එතන ඉන්න පුලුවන් කමක් නැහැයි කියලා තේරුන නිසා මන් cool drinks පුරෝපු tray එකත් සද්දෙන් එතන මේසයක් උඩින් තියලා අඩ අඩම දුවන් ආවෙ මගේ room එකට. සිලුත් මගේ පස්සෙන්ම ආව කියන්න මට තේරුනේ මගේ පිටිපස්සෙන් දුවන් එනවා ඇහුන ඒකිගෙ අඩි සද්දෙට. මන් ආපු ගමන් කරේ ඇද උඩ පෙරලිලා මගේ කොට්ටයක් බදාගෙන හයියෙන් අඩපු එක. නවෝ හොදටම බය වෙලා. ඒකි මගෙන් කොච්චර ඇහුවත් මොකද්ද වුනේ කියලා මට වෙච්ච දේ කියාගන්නවත් කටට වචන එන්නෙ නෑ. මට තේරෙන්නෙ නෑ මට මෙච්චර දුක ලොකූ යන එකටද නැත්තන් ලොකූ මට බොරු කියපු එකටද කියලා. සමහර විට ඒ දෙකටම වෙන්න ඇති. මන් දන්නව ලොකූ යන්නෙ යන්න ඕනම නිසා කියලා.ඒත් මන් කැමති නෑ මගේ ලොකූව එච්චර කාලයක් මගෙන් ඈත් කරලා තියන්න. මාස 18ක් කියන්නෙ පොඩි කාලයක් නෙවෙයිනෙ 😣 මට මගේ ලොකූ හරියට ඔම්ම වගේ. ඔම්මටත් වඩා මන් මගේ ඔප්පලාට ආදරෙයි. ඉතින් එහෙම තියෙද්දි මන් කොහොමද එයාලව මගෙන් ඈත් කරන්නෙ. 🥺

Saranghae ❤Where stories live. Discover now