episode 15 - කේලම් පෙට්ටි කටා 😒

33 4 5
                                    

🐯 "ජිමිනා මොකද්ද උබ ඒ කිවුවේ. ආයෙ කියපන් බලන්න.........

🐣 " ටේ මන් මේ ඇත්තමයි කියන්නෙ 🥺 මන් කවිට ඇත්තටම ආදරෙයි. මන් දන්නෙ නෑ මේ හැගීම මට කවදා ඉදන්ද ඇති වුනේ කියලා ඒත් බන් කවීව දැක්කාම මට හරි පුරුදු ගතියක් දැනෙනවා බන්. මන් කලින් හිතුවෙ මන් කවීව පොඩි කාලෙ ඉදන්ම දන්න නිසා මට එහෙම හිතෙනවා ඇති කියලා ඒත් ඒක එහෙම නෙවෙයි ටේ. මගෙ හිතේ උබලගෙ නංගි ගැන සහෝදර හැගීමකට වඩා එහා ගිය හැගීමක් තියෙන්නෙ. මන් ඒක හරියටම දැනගත්තෙ එදා ජින් හියුන්ගෙ මිලිටරි යන ගමන ගැන කතා කරපු දවසෙ. එදා කවී අඩපු විදිය එයාගෙ ඇස් වල කදුලු දැක්කාම මගෙ හදවත පිච්චෙනවා වගේ දැනුනා බන් 🥺 මන් මේක උබට කියන්න හිටියෙ ඒත් වෙලාවක් හම්බුනේ නෑ. ඒකයි අද කොහොමහරි කියනවා කියලා හිතුවෙ. "

[ ඒක කියලා ඉවර කරන්න හම්බුනේ නෑ ටේ පැනපු ගමන් ජිමින්ගෙ කොලර් එකෙන් අල්ලගත්තා ටේගෙ ඇස් කේන්තියට රතු වෙලා  ]

🐯 " ජිමිනා උබ මේ ඇත්තටමද කියන්නේ "

🐣" ඔව් ටේ මන් ඇත්තටම කවීට ආදරෙයි. ප්ලීස් බන් මාව විශ්වාස කරපන්. "

[ ටේ කේන්තිය පිරුනු ඇස් වලින්ම ටිකක් වෙලා ජිමින් දිහා බලන් ඉදලා ආයෙ හිනාවෙන්න ගත්තා. පස්සෙ ටේ ජිමින්ව හයියෙන් බදාගත්තා ජිමින්ට මේ වෙන කිසි දෙයක් හිතාගන්න බෑ. ජිමින් ටේ දිහා බලන් හිටියේ හරියට මූ අන්දකයිප්පු කාලද වගේ look එකකින් 😅 ]

🐣 " ටේ........."😳

🐯 " අඩෝ උබ මෙ ඇත්තම නේද කිවුවේ. ඒ මට මාරම හැපි බන් උබ එහෙනම් මගෙ වෙන්ඩ මස්සිනා. "

🐣 " උබ එතකොට අකමැති නැද්ද. " 😳

🐯 " පිස්සුද යකෝ මන් මොකටද අකමැති වෙන්නෙ. මන් උබව දන්න එකා නොදන්න එකෙක්ට මගේ නංගිව දෙනවට වඩා උබට දෙන එක හොදයි. අපේ එකිගෙ ජිවිතේට ලැබෙන හොදම කෙනා උබ මන් ඒක දන්නවා.  අනික උබ මගෙ angel ට  ගොඩාක් ආදරෙයි කියලා උබේ ඇස් වලින්ම පේනවා. ඒකි ගැන කතා කරනකොට උබේ ඇස් දිලිසෙනවා. "😌

🐣 " සිරාවට මන් එහෙම දෙයක් දැනන් හිටියේ නෑනේ ඒ ටිකට උබ මගෙ ඇස් දෙක දිලිසෙන එකත් දැක්කද "😅

You've reached the end of published parts.

⏰ Last updated: Mar 14 ⏰

Add this story to your Library to get notified about new parts!

Saranghae ❤Where stories live. Discover now