episode 5 - 😭😭😭😭😭😭

32 4 7
                                    

💚 " ඒ කවියෝ මොකද මේ . ඇයි මේ අඩන්නේ මොකද්ද වුනේ. කතා කරපන් බන්. මොකද්ද වුනේ. මාව බය කරන්නැතුව කියපන් බන් මොකද්ද වුනේ කියලා. ඒයි කවියෝ................😢
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
------------------------------------------------------------
💚 ඒයි කවියෝ............😢

දෙයියනේ මේකි හොදටම අඩනවනේ. ඉකි ගගහ අඩනවා.🥺 ඇයි මේ ,මොකද්ද වුනේ එකපාරටම . ඇහුවට කියන්නෙත් නෑ අඩන එක විතරයි කරන්නේ. මෙච්චර වෙලා හොදට හිටියනේ. මේකි හුස්ම ඇද ඇද ඉකි ගගහ අඩන විදියට මට බයත් හිතෙනවා. මන් හිතන්නෙ මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා. දෙයියනෙ මෙහෙම ගියොත් මේකි අඩලා අඩලම ලෙඩ වෙනවා.😢 මේ සිලූ කොහෙද ,ඒකිත් මේකි එක්කම නේද හිටියේ...........🤔

මන් එහෙම හිත හිත ඉන්නකොට එකපාරටම කවීගෙ room එකට කඩාගෙන ආවෙ සිලූ.

Silu pov

මන් කවීගෙ රූම් එකට යනකොටත් ඒකි ඇද උඩ කොට්ටයක් බදාගෙන හොදටම අඩනවා.

💚 " ඒයි සිලූ මොකද්ද බන් වුනේ. ඇයි මේ කවියා මෙහෙම අඩන්නේ....😢

නවෝත් හොදටම බය වෙලා මගෙන් ඇහුවා.

💜️" මේකයි බන් ඔප්පලා ඇත්තටම එකතු වෙලා තියෙන්නේ එයාලගෙ concert එකේ poformance ගැන කතා කරන්න නෙවෙයි."

💚 " මොකක්?😳 එහෙනම්......"

💜️" එයාලා ඇවිත් තියෙන්නේ........

Before the few moments

💜️ "ඒ කවියා මේ ඔප්පලා ආයෙ concert එකක් කරන්න යන එකනම් හොදයි  නේද?"

💛" ඔව් බන් මටත් කිවුවා අපේ ලොකූ. එවෙලෙ මට මාරම විදියට සතුටු හිතුනා. "

අපි ඉතින් ඔය වල් පල් කතා කර කර drinks ටිකත් අරන් නම්ජූන් ඔප්පලා ඉන්න sthdio එකට ආවා. අපි දොර අරින්න යන්කොටම..........
.
.
.
.
.
.
.
.
.
.
.
?? "ඒත් හියුන් අපිට අපේ නංගිලාට හැමදාම බොරු කියන්න බෑනෙ. එයාලා කොහොමත් මේක දැන ගන්නවනෙ."

?? " ඔව් එදාටනම් හැබැයි අපි හිතුවට වඩා ගොඩාක් අමාරු වෙයි ඈ එයාලව control කරන්න්."

?? "  අම්මෝ ඔව් ඒකනම් ඇත්ත. ඒක නෙවෙයි කාටද මුලින් යන්න ලියුම ඇවිල්ලා තියෙන්න්.'

?? " ජින් හියුන්ට. "

?? " හ්ම්ම්......."

ඔප්පලාගෙ studio එක ඇතුලෙන් ඇහුනේ pofomance එක ගැන කතා වෙනවා නෙවෙයි. එයාලා කතා වුනේ ඕවා. මමයි කවියි මූනට මූන බලාගත්තෙ මොනාද මේ ඔප්පලා කියවන්නේ කියලා. එයාලා කතා කරපු දේවල් තේරුම් ගන්න අපිට වැඩි වෙලාවක් ගියෙ නෑ.😢 අපි දෙන්නගෙම ඇස් වල කදුලු පිරුනේ බලන් ඉද්දිමයි . බලන් ඉදලා බැරිම තැන කවී හයියෙන් studio එකේ දොරත් ඇරගෙනම ඇතුලට යද්දි මාත් ඒ පස්සෙන්ම ගියා. අපි ගිය ගමන් ඔප්පලා සේරම ඉදන් ඉන්න තැන් වලින් නැගිට්ටා. මන් බලාගෙනම හිටියේ අපේ ඔප්පා දිහා. මන් ඇස් වල කදුලු පුරෝගෙන ඔප්පා දිහා බලන් ඉන්නකොට එයා හොදටම බය වෙලා මන් දිහා බලන් හිටියා. මන් දැක්කා කවිත් ඇස් වල කදුලු පුරෝගෙන ජින් ඔප්පා දිහා බලන් ඉන්නවා. කවීගෙ අත් වෙවුලනවා. එයා හයියෙන් හයියෙන් හුස්ම ගත්තා. මට එවෙලෙනම් කවී ගැන බයත් හිතුනා. අපි මොකුත්ම කතා කරේ නෑ. ඒත් කවී එක පාරටම drinks තියෙන tray  එක එතන තියෙන මේසයක් උඩින් හයියෙන් තියලා අඩ අඩම රූම් එකෙන් දිවුවා.

🐷 " චූටි.... චූටි ඔහොම ඉන්න..... මන් කියන දේ ටිකක් අහන්න මැණික..... චූටි......."

ජින් ඔප්පා කවීට කතා කරත් කවි ඒ වෙනකොටත් රූම් එකෙන් ගිහින් ඉවරයි. මාත් කවී පස්සෙන්ම ආවේ මේකි මොනා කරගනීද දන්නේ නෑ කියලා බයෙන්.

💜️ " ඔන්න ඕකයි වුනේ..... උබ දන්නවනේ කවියට මේවා දරාගන්න බෑ කියලා....🥺 පවු බන් ඒකි මට බයයි ඒකි ගැන." 🥺

කවියා තාමත් ඇද උඩ කොට්ටයක් බදාගෙන අඩනවා. හොදටම ඉකි ගගහා අඩනවා.😢 අපි කිවුවට ඒකි කෝමත් නවත්තන්නේ නෑ ඇඩිල්ල. මටත් අඩන්න ඕනේ මගේ දුක අඩු වෙනකන් මටත් කෑ ගහලා අඩන්න ඕනේ. ඒත් මට මෙතන අඩන්න බෑ මන් හරි අසරණයි.🥺 මන් ඇඩුවොත් නවොත් අඩයි. කවියා තවත් දුර්වල වෙයි. ඒ නිසා මට අඩන්න බෑ.🥺

එහෙම හිතාගෙන මන් මගේ දුක හිර කරන්, මගේ කදුලු පාලනේ කරන් හිටියේ හරිම අමාරුවෙන්. ඒත් එක්කම රූම එකේ දොර හයියෙන් ඇරෙන සද්දෙට මමයි නවොයි දෙන්නම  ඒ පැත්ත බැලුවේ කවුද ආවෙ කියලා දැනගන්න.

🐷 " චූටි...🥺 අනේ මැණික ලොකූ කියන දේ ටිකක් අහන්න මැණික.  ඔහොම අඩන්න එපා රත්තරං ඔයා ලෙඩ වෙයි. "🥺

ඔව් ඒ ආවෙ ජින් ඔප්පා. එයා එහෙම කිය කිය ටික ටික කවීට ලං වුනා. මම නවෝට ඔලුවෙන් එලියට යන් කිවුවේ කවීටයි ජින් ඔප්පටයි ටිකක් තනියම ඉන්න දෙන්න ඕනෙ නිසා. මන් කියපු දේ තේරුම් අරන් නවෝ මාත් එක්කම රූම් එකෙන් එලියට ආවෙ කවීවයි ජින් ඔප්පවයි රූම් එකේ තනි කරලා.

------------------------------------------------------------

අද එපිය ටිකක් කොටයි ලමයි සොරී 🥲
හෙට ටිකක් දිග එකක් දෙන්නම් හොදේ.🙂 එහෙනම් මන් ගිහින් එන්නම්.බබාලා.

Saranghae ❤️
             GA 💜️

Saranghae ❤Where stories live. Discover now