episode 9 - Kiss එක 💋

31 4 3
                                    

??" අහ්ම්.. අහ්ම්... Excuse me..." 

ඒත් එක්කම මෙයාලගෙ නිදහඩට බාධා කරමින් කවුරු හරි කෙනෙක්  මෙයාලට කතා කරා නවොයි සිලුයි වගේම ඇස්දෙක පියාගෙන නිදහස උපරිනෙන්ම විදිමින් හිටපු කවිත් ඒ කටහඩ ඇහුන පැත්තට හැරුනේ මොකාද  තමන්ගෙ නිදහසට බාධා කරන්න ආපු පොලොස් කොට්ටෝරුවා කියලා හිතින් බනින ගමන්.

💚 " ඇයි...? 🙄

?? " ම්ම්... මම Chan baehyuk. "

💜️ " ඉතින් ? "

😈 " මේ මට කියන්න පුලුවන්ද Fashion designing facalty  එක තියෙන්නෙ කොහෙද කියලා."

💛 " ඔය fashion designing  ද කරන්නෙ".

  baehyuk එතකොටයි  කවීව හරියටම දැක්කේ. Baehyuk  කවී දිහා බලන් හිටියේ ගල් ගැහිලා වගේ. ඇස් දෙකත් ලොකු කරගෙන. කවී එහෙම ඇහුවාම   baehyuk  ඔව් කියන්න ඔලුව වැනුවා.

💛 "ඇයි ඔයා දන්නෙ නැද්ද තියෙන තැන".

කවී එහෙම ඇහුවාම baehyuk  නෑ කියන්න ඔලුව වැනුවා.

💛 " මාත් fashion designing  තමයි කරන්නේ. ඒත් මන් ඔයාව මීට කලින් දැකලා නෑනේ.  ඔයා අලුත්ද? "

කවී එහෙම ඇහුවාම baehyuk  ආයෙමත් ඔව් කියන්න ඔලුව වැනුවා.

💛 " එහෙනම් යමු මාත් එක්කම lec hall එකට".

කවී එහෙම කිවුවාම baehyuk  ආයෙත් හා කියන්න ඔලුව වැනුවා.

💚 " එහෙනම් අපිත් යනවා. දැන් කෝමත් lec පටන් ගන්න ලගයිනේ."

💜️ " හරි එහෙනම් කවී , නවෝ lunch time  එකේදි හම්බෙමු. "

එහෙම කියලා නවොයි සිලුයි දෙන්නම ගියා. එයාලගෙ lec halls වලට. කවිත් හා කියලා baehyuk  එක්ක ගියා fashion designing facalty  එකට.

Baehyuk  pov

මම අද අලුතින් seoul national university  එකට එන්නේ. ම්ම්... හිතුව වගේම හරිම ලස්සන university  එකක්. කෙල්ලොත් ඒ වගේම ලස්සනට ඇති. 😏 මන් අහල තියෙනවා seoul national university  එකේ සමහර කෙල්ලො නිකන් බෝනික්කො වගේ කියලා. අපි බලමුකෝ. 😌

මම එහෙම හිත හිත gate එකෙන් ඇතුලට ගියත් මට fashion designing facalty  එක හොයාගන්න බැරි වුනා. ඔව් මම කරන්නේ fashion designing degree   එකක්. ඒකට හේතුවක් තියෙනවා.
මම ඒත් එක්කම දැක්කා ටිකක් ඈතට වෙන්න සකුරා ගහක් යට bench එකක කෙල්ලො තුන්දෙනෙක් වාඩි වෙලා ඉන්නවා. මම එතනට ගියේ ඒ තුන්දෙනාගෙන් හරි තැන අහගන්නවා කියලා හිතාගෙන. ඒත් ලගට ගියාමයි මන් කෙල්ලො තුන්දෙනාව හරියටම දැක්කේ.

Saranghae ❤Opowieści tętniące życiem. Odkryj je teraz