part 16

130 19 6
                                    

සතියක් හරියටම  යීබෝ කිසි කතාවක් නෑ මාත් එක්ක..උදේ යනවා රෑ වෙලා එනවා..මන් හදන කෑම කන්නෙ නෑ..

කසාදය කියන්නේ මේකටද

නෑ නේද

මන් බලාපොරොත්තුවෙන් හිටියේ මේක නෙමෙයි..

බීච් යන්න,එකට කෑම කන්න කෑම උයන්න,එකට ෆිල්ම් බලන්න අයිස්ක්‍රීම් කන්න..

ඒ මගේ හීන..

ඒත් ඒවා කරන්න තියා එක  වචනයක්වත් කරන්නේ නෑ..

මන් දැක්ක ලස්සන ම පවුල් දෙක මගේ යාලුවෝ..එයාලා ජීවිතේ එන්ජෝයි කරනවා මට සතුටුයි මගේ උන්ට හරි ගිය එකට..

...

...

..

..

..

..

..

...

ට්‍රීන් ට්‍රීන්!

මනෝ පාරක් දාගෙන ඉද්දි දොරේ බෙල් එක වැදුනා..ගිහින් දොර අරිද්දී හිටියේ ගෑණු ලමයෙක්...

යීබෝ නැද්ද..

ඉන්නවා..මන් එන්න කියන්නම්..

හ්ම්..ඔයා එයාගේ කවුද..

ඇත්තටම මන් එයාගේ කවුද උත්තයක් නැති ප්‍රශ්නයක්..හිනා වෙලා මන් උඩට ගියත් මන් ආයේ ඇවිත්..

ඔයා කවුද..

මන් එයාගේ girl friend.

ආ.අහ්..හරි..ඉන්න මන් එන්න කියන්නම්..

ඒක හරි විහිලුයි නේද..තමන් බැදලා ඉන්න කෙනාගේ girl friend..මන් ගිහින් යීබෝගේ දොරට තට්ටු කරා ටිකකින් දොර ඇරුනා..

ඔයාගේ girl friend ඇවිත්..

ම්ම්..එයා ඇවිත් ද..

හ්ම්..

තෑන්ස් කිවට..

එයා තමා එන්න කියලා තියෙන්නේ මට පේන විදිහට..
එයා එතනින් ගියා..ඇයි එහෙම මටම?..

මන් ඉක්මනින් ගියේ බාත්රූම් එකට කොච්චර වෙලාවක් හිටියද කියලා දන්නේ නෑ..මට ඇඩුනා. ටිකකින් මූන සෝදගෙන ගියේ පල්ලහාට..

යද්දී දෙන්නා සෝපා එකෙ ඉන්නව...මන් බොන්න දෙයක් හදාගෙන ගියා දෙන්නාටම ඒත් ගත්තේ ඒ ගැනු ලමයා විතරයි..පස්සේ මට මතක් වුනා යීබෝ කවද්ද මන් හදන ඒවා කෑවේ බීවේ කියලා..

මන් කුස්සියේ බලාන හිටියා ජීවිතේට හිනා වෙන්නේ කතා කරන්නෙ නැති කෙනා හරි ලස්සනට හිනා වෙනවා මටත් හිනාවක් ගියේ නොදැනුවත්ව මයි..

ටිකකින් ඒ ගෑනු ලමයා යන්න හදද්දී යීබෝ නලලට කිස් එකකුත් දීල පාර ලගට එක්කගෙන ගියා.

මෙච්චර වෙලාවක් ඇහි පිහාටු වල පොර කාපු කදුලු හිමින් සීරුවේ කම්මුල් දිගේ රූටලා වැටුනා..දනිස් පණ නැතිව මාත් මුල්ලට ගිහිම් දනහිස් අස්සේ මුන ගහගත්තා..

'දෙයියනේ ආදරේ මෙච්චර වේදනාවක් කියලා දැන දැනත් මන් ආදරේ කරනවා ඒත් ඒක එයාට දැනෙන්නේ නැද්ද..නැත්තම් මන් තුන් වෙනියෙක් වෙලාද..!!! '

Park cho chea jun 🌻

🤍I hate you.. (Complete)🤍Where stories live. Discover now