invisible

1K 247 94
                                    

ජනෙල් වීදුරුව පුරා මේ තරම් ලොකු ලේ පැල්ලමක් අැති වුනේ කොහොමද...

මං හ්යොන්ග්ලා ලඟට දුවන් ගියෙ මට මඟ හැරුණු එ් බයානක සිදුවීම මොකක්ද කියලා බලන්න.

ජිමින් එතනින් මෑත් වෙලා එහෙමම අසුනකට පහත් වුනේ බලාපොරොත්තු කඩ වුන පෙනුමකින්.

එයාගෙන් හිස් වුන තැනට ගිය මං පිටත බැලුවා.

ලේ විලක් මැද පාරේ වැටිලා හිටියෙ සෝජුන්. ඔහු පාර මැද මුනින් අතට වැටී හිටියෙ අත පය කඩා දැමූ බෝනික්කෙක් වගෙයි. සිරුර මුනින් අතට හැරිලා තිබුනත්, ඔහුගෙ හිස ඉහලට යොමු වෙලා තිබුනෙ බෙල්ල කැඩී තිබුන නිසා ද කොහෙද...

හැමදේටම වඩා මගෙ හිත කැලඹිමට පත් කලේ ඔහුගේ මරන බිය රැඳි දෑස යි.

මොහොතකට පෙර හදිසියෙම ඔහු කතාව නතර කල මොහොතෙත් ඔහුගෙ දෑස්වල තිබුනෙ එ් බැල්මමයි.

" හ්යොන්ග්, කොහොමද සෝජුන් මේ විදියට මැරුනේ... එයා දැන් ටිකකට කලින් හිටියෙ ඩ්‍රයිවින් සීට් එකේනෙ...කොහොමද එයා දැන් එලියෙ ඉන්නෙ ඊටත් අර විදියට...."

මට එහා පැත්තෙ හිටිය ජින්ගෙන් මං අහනකොට මගෙ කටහඬ වෙව්ලන බව මට තේරුනා.

" එයාව මෙතනින් ගිය කාරෙකට හැප්පුනා අපි බලන් ඉද්දිම. අනේ මන්ද එ් මනුස්සයට පිස්සුද කියලා.. හදිස්සියේම අපේ වාහනේ නවත්තලා පාරට බැස්සෙ හරියට එ් කාරෙකට වුවමනාවෙන්ම පනින්න ඕනේ වෙලා වගේ. පුදුමෙ කියන්නෙ එ් වාහනේ ලඟට එනකන්ම මං දැක්කෙ නෑනෙ...වේගෙන්ම අාපු එ් වාහනෙත් පොඩ්ඩක්වත් වේගෙ අඩු කරන්නෙවත් නැතුව ගිය එක තමා මට තාමත් හිතාගන්න බැරි..."

එයා කියනකොට මොකක්දො අඳුරු මූසල හැඟීමක් මගෙ හිත වෙලා ගත්තා. නොවිය යුතු දෙයක් සිදු වෙන්න යන බවයි මගේ හිත මට කෑගහලා කිව්වේ.

" අපි සෝජුන් ගැන බැහැලා බලමුද.. බැරි වෙලාවත් තාම පන තියෙනව නම්..."

මෝඩ ප්‍රශ්නයක් බව දැන දැනත් හෝසොක් නම්ජුන් දිහාට හැරිලා අැහුවෙ පැවති දැඩි නිහඬබව නිසා හැමෝගෙම හිත් තුල වැඩෙමින් පැවති බිය තුරන් කරන්න වගෙයි.

DEATHWhere stories live. Discover now