journey started

3.5K 304 115
                                    

" අපොයි... මේ අහස නම්... අදම දෙන්නද කොහෙද හදන්නෙ හොඳ වැස්සක්... අපේම කරුමෙ තමයි ඉතින්... මදෑ ඉඳලා ඉඳලා කොහෙ හරි යන්න දාගත්තා..."

ජනේලෙන් අහස දිහා බලපු මට කියවුනේ ඉබේටම වගේ.

ජනේලෙන් අහස දිහා බලපු මට කියවුනේ ඉබේටම වගේ

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

මුලු පලාතම අඳුරු වීගෙන එනවා. වැස්සක් ඔන්න මෙන්න වගේ.

' කමක් නෑ.. අපි යන පැත්තට වහින්නෙ නැතුව අැතිනෙ....' එහෙම හිතලා මං හිත හදාගත්තෙ වෙන කරන්න දෙයක් නැති හින්දා.

එ් එක්කම අැහුනෙ කෝච් ගෙ ලඩි බස් එකේ හෝන් එක.

" පුතේ.... අන්න යාලුවො අැවිල්ලා... ඉක්මනට එන්න...." අම්මා අඬගහන්නත් කලින්ම මං බඩු ටිකත් උස්සන් කාමරෙන් එලියට දුවන ගමන් හිටියෙ.

" අා... මෙන්න මං කෑම ටිකක් හැදුවා යන ගමන් කන්න. පරිස්සමින් ගිහින් එන්න... හයියෙන් වැස්සොත් ඔය කැලෑවල එහෙම අැවිදින්න එපා... හොඳ සිහියෙන් පරිස්සමෙන් ගිහින් එන්න..."

අම්මා මගෙ පස්සෙන් බස් එක ලඟට එනකන් කිව්වා.

" හරි හරි අම්මත් මං එනකන් පරිස්සමෙන් ඉන්න. මං දවස් දෙකකට විතරයි යන්නෙ... පරිස්සමෙන් එන්නම් මං..."

අම්මට පොරොන්දු වුන මං ඉක්මනට බස් එකට නැග්ගෙ යාලුවොත් එක්ක එකතු වෙන්න තිබුන හදිස්සියට.

අපේ පුහුණුකරු කෝච් හොන්ග්... එයත් අපිටම ගැලපෙන කෙනෙක්. අපි එක්ක ඉද්දි එයත් හරියට කොල්ලා වගේ. අද අපිත් එක්කම යන්න ඕනෙ නිසාද කොහෙද රියදුරෙකුත් එක්කන් අැවිත්.

මං බස් එකට නැගලා වටපිට බැලුවෙ කොහෙන් ඉඳගන්නද කියලා. ඉස්සරහා හරියෙ සීට්වල බඩු පුරෝලා. මගෙ බඩු ටිකත් එතනින් දාලා අම්මා යන ගමන් කන්න දුන්න කෑම මල්ලත් අරන් මං පිටිපස්සට ගියා.

DEATHOù les histoires vivent. Découvrez maintenant